කිසියම් රජයක ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ ඒම රජයේ  පළමු මාස 6 හෝ පළමු අවුරුද්දයි. වර්තමාන ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මේ රටේ 69 ලක්ෂයකට වැඩි ඡන්ද දායකයින් පිරිසක් විසින් බලයට පත්කර ලබන නොවැම්බර් මාසයට වසරක් සම්පුර්ණ වේ. මෙම කාලය තුළ ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශණයේ සදහන් බොහෝ කරුනු මෙතෙක් ඉටු කිරීමට නොහැකි වී තිබේ.

නමුත්, නව රජය විසින් සිදු කරනු ලැබූ ඇගට දැනෙන හා ඇහැට පෙණෙන ඒකම සාර්ථක ක්‍රියාව වුයේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමයි. මේ සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒක්කරමින්  කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවමින් මෙම වසංගතය සමාජය තුළ පැතිරීමට අවස්ථාව ලබා නොදෙමින් රට සමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ඔහු කරනු ලැබූ මැදිහත් වීමයි. මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ සැමගේ ප්‍රසංශාව වත්මන් ජනාධිපතිවරයා ඇතුලු අප සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත හිමි විය.

නමුත්, පසුගියදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් කාර්මාන්ත ශාලව හරහා කෝවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක් තුළ ව්‍යාප්තවීමත් සමගම ඒම පැවති තත්ත්වය උඩු යටිකුරු විය. මෙහි දී හෙලිවුයේ කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය ඇතුලු රජයේ කෝවිඩ් මර්ධන වැඩ පිළිවෙලේ විශාල දුර්වලතාවයන් පැවති බවත්ය. ඒමෙන්ම, කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පසුගිය ජුලි මාසයෙන් පසුව රැස්වී නොමැති බවත් වාර්තා විය.

කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ සිටි ප්‍රවීනයන් වූ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැනි අය ඉන් ඉවත්කර මෙම ක්‍රියාවලියේ නායක්තවය මිලිටරි හා අනෙකුත් මේ ක්ෂ්‍රෙත්‍රයේ විශේෂඥයින් නොවන පුද්ගලයින් කිහිප දෙනෙකු අතට පත්වී ඇති බවද හෙළි විය. ඒමෙන්ම, ස්ථාපිතව තිබූ නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණයෙන් ලිහිල් තත්ත්වයක පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා විය.

ඒය කොතරම් දුරවල තත්ත්වයක පැවතීයේ ද යන්න පෙනී යන්නේ මෙම මිනුවන්ගොඩ කාර්මාන්ත ශාලව වෙත කෝවිඩ් වෛරසය පැමිණි ආකාරය පිළිබදව රජයට තවමත් නිළ ප්‍රකාශයක් කිරීමට නොහැකි වීම හරහාය. කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන යුධ හමුදාපති වරයා පවසන්නේ ඉදිරි සතිය ඉතා තීරනාත්මක බවයි.

ඉන් අදහස් වන්නේ තව දුරටත් මෙම වෛරසය රට තුළ ව්‍යාප්ත වී ඇති නම්, අප බරපතල අවධානමකට ලක් වන බවය. ඒමෙන්ම, මේ වන විට අපෙගේ රෝහල් වල ඇති පහසුකම් හි සීමාවකට පැමිණ ඇති බවත් වාර්තා වේ. අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 83 ක දසදහසකට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්වී ඇති අතර, 2212 ක පිරිසක් කෝවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන නේවාසික ප්‍රථිකාර ලබා ගනිමින් සිටී.

More Stories