ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින  මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ම නිශ්ප්‍රභා කිරීමට පසුගිය ජුනි 3 දා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒම තීරණයත් සමග විධායකය සහ අධිකරණය අතර ආරම්භ වීමට නියමිතව තිබු ගැටුමක් නිම වූ බවට සමහර දේශපාලණ විචාරකයින් පවසා සිටියා ය, තවත් පිරිසක් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ මෙම තීරණය විධායකයට යටත්ව ගනු ලැබු තීරණයක් වන බවයි.

කෙසේ නමුත් වාද විවාද, තර්ක විතර්ක මධ්‍යයේ ඒක දිගට දින දහයකට ආසන්න කාලයක් තිස්සේ පැවතුණු මෙම නඩු විභාගය ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයට ඒක්වීමට නියමිත අතර, මෙම තීරණය අනාගත අධිකරණ ක්‍රියාකාරීත්වය පිළිබදව පෙර නිමිත්තක් ද ලෙස ද දැක්විය හැකිය.

මේ හා සමාන අභියෝගයක් පසුගිය යහපාලන රජය සමයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒල්ල විය. ඒ් 2018 ඔක්තෝබර් 26 වන දින ඒවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැර පැවැති නීතිඥාණුකූල අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරැවාහැර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව නව අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පත්කිරීම නිසාය.

ජනාධිපතිවරයාගේ ඒම ව්‍යවස්ථාව විරෝධී ක්‍රියාවට ඒරෙහිව දසතින් විරෝධය පැන නැගුණ අතර, විශාල මහජන ව්‍යාපාරයන් ඊට ඒරෙහිව නිර්මාණය විය. ඒමෙන්ම, කතානායකවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව නැවත කැදවනු ලැබූ අතර, හිටපු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නීතිඥානුකූල බවට පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබීය. ඒමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පිළිබදව පෙත්සම් කිහිපයක් යොමු වූ අතර, දින කිහිපක් තිස්සේ පැවැති විභාගයකින් පසුව අවසානයේ දී ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යාවස්ථාවට පටහැනි බවටත් හිටපු ඇගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නීතිඥාණුකූල බවට තීරණය විය. ඒම තීරණයත් සමග ඇතිවන්නට ගිය විශාල විනාශයක් වැලකී ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවතත් රට තුළ නීතියේ ආධිපත්‍ය නැවතත් තහවුරැ කරනු ලැබීය.

නමුත්, මෙවර ඇති වූ තත්ත්වය ඊට වෙනස් මුහුණුවරක් ගනු ලැබුවත්, ඒ් ආකාරයේ යම් කිසි අභියෝගයක් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒල්ල විය. පාර්ලිමේන්තුව විසුරැවා හැර තිබීමත්, කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සමාජ ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන් අකර්මන්‍ය වී තිබී නිසා මේ සම්බන්ධව පක්ෂව හෝ විපක්ෂව සමාජ ක්‍රියාකාරීත්වයක් නිර්මාණය නොතිබීමත් මත, මේ සම්බන්ධව පෙර මෙන් විශාල කතාබහක් මෙවර ඇති නොවීය.

කෙසේ නමුත් නැවතත් බෝලය මැතිවරණ කොමිසම අතට පත්වී තිබේ. මැතිවරණයට දින නියම කිරීමත් මැතිවරණය නිදහස් හා සාධරණව පැවැත්වීමත් මැතිවරණ කොමිසම සතු ප්‍රධාන වගකීමකි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරැවන දිනය වන විට ලංකාව තුළ මෙම වසංගත තත්ත්වය පැතිරී පැවති තත්ත්වයට සාපේක්ෂව අද මෙම වසංගත තත්ත්වය කිහිප ගුණයකින් රට තුළ වර්ධනය වී තිබේ. ඒවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම, මැතිවරණ අපේක්ෂකයින් විසින් මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීම, මෙන්ම ඡන්ද දායකයින් විසින් සෞඛ්‍ය ආරක්ෂිතව තම ඡන්දය පාවිච්චි කිරීම යන සියල්ල මැතිවර කොමිසම විසින් සංවිධානය කළ යුතුය.

Similar Posts