රංජන් සමග දුරකතන සංවාද කළ විනිසුරුවන් අධිකරණයේ පූජනීත්වය කෙලෙසා ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් ඉදිරියේ පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ ඊයේ (15) රංජන් රාමණායක මහතා නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ දීය.

හඩපට පිළිබදව නාමල් කුමාර විසින් මීට පෙර තබා තිබු වාර්තාව බිද දමින් රංජන් රාමනායක පසුගිය සුමාන දෙක තුන තුළ පෙරට අවේ කිසිවෙකු නොසිතූ අයුරිනි. රංජන්ගේ මෙම හඩ පට නිසා දේශපාලන ලෝකය විශාල කැළබීමට පත්ව තිබේ. එමෙන්ම, දැනට සති ගණනාවක සිට සියලූම මාධ්‍යයන් හි ප‍්‍රධාන පුවත බවට රංජන්ගේ හඩපට පත්වී තිබේ. රංජන් පුරුද්දක් වශයෙන් තමන්ගේ දුරකතන සංවාද පටිගත කරනු ලබන බවත්, පසුව ඒ්වා ගබඩා කරනු ලබන බවටත්, අවුරුදු 5ක් තිස්සේ එසේ පටිතකරුනු ලැබූ දුරකතන සංවාද ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් ඔහු සතුව ඇති බවත් මේ සමගම වාර්තා විය.

මේ අතර, මෙම හඩපට පිළිබදව පරීක්ෂණ කිරීම සදහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ කි‍්‍රයාත්වක වන පොලිස් කණ්ඩායම් 10ක් යොදාවා ඇති බවත් වාර්තා විය. මෙම පොලිස් කණ්ඩායම් විසින් රංජන්ගේ හඩපට පරීක්ෂා කිරීමෙන් අනතුරුව අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂන් සභාව වැනි ආයතන වෙත ඔහු විසින් බලපෑම් කර තිබේද යන්න සොයා බලන බවත් පොලීසිය පවසයි.

ඉහත ආයතනයන්හි පුද්ගලයින්ට අමතරව ඔහු සමග දුරකතන සංවාදයේ යෙදුන සමහර ජනපි‍්‍රය චරිතයන් හි සංවාද ද කිසිම වාරණයකින් තොරව සමාජ ජාලා මෙන්ම, අනෙකුත් රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍යයන් හරහා ප‍්‍රචාරය වීම නිසා ඔවුන්ද විශාල ගැටලූවකට මුහුණ දී ඇති බවද මේ අතර වාර්තා විය.

රංජන් විසින් ඔහු සමග සංවාදයේ යෙදෙන තැනැත්තාගේ දුරකතන හෝ වෙනයම් කුමණ සංවාදයක් හෝ ඔහුට හෝ ඇයට නොදන්වා පටිගත කිරීම ශිෂ්ඨ සම්පන්න ලෝකයේ කිසිවෙකු විසින් අනුමත කොකරනු ඇත. ඒ අතින් රංජන් සාමාන්‍ය සමාජයේ ශිෂ්ඨ මිනිසෙකු විසින් නොකරනු ලබව අශිෂ්ඨ කි‍්‍රයාවක් සිදු කර ඇත. නමුත් මෙම හඩපට හරහා එක්තරා අකාරයකට රංජන් විසින් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ සමාජයෙත්, අප රාජ්‍ය පද්දතියෙත් උඩින් පොරවාගෙන සිටි සලූ පිළි එක රැයකින් උනා දමා සියල්ල නිරුවත්කර තිබේ.

රංජන් අශිෂ්ඨයෙකු ලෙස හංවඩු ගසා ඔහුට පමණක් අඩුවම් කර දැන් මේ නිරුවත එක අතකින් වසාගැනීමට තැත් කිරීමේ කිසිදු පලක් නැත. මෙය ශී‍්‍රලංකාවේ පවතින යථාර්ථයක් ලෙස පිළිගෙන අධිකරණය, පොලීසිය, ඇතුලූ මුලූමහත් රාජ්‍ය සේවයත්, පුද්ගලික හා රාජ්‍ය මාධ්‍ය ඇතුලූ සමාජ මාධ්‍යයනුත්, මැති, ඇමති මන්තී‍්‍රවරු ඇතුලූ විශේෂයෙන් දේශපාලණ බලය සහිත පුද්ගලයන්, ඇතුලූ සියලූම අංශ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන හා අපක්ෂපාතී ස්ථාන හා පුද්ගලයින් බවට පත්කිරීමට මෙම සිද්ධියෙන් පාඩම් උගෙන අප සියලූම දෙනා කටයුතු කළ යුතුව ඇත.

අප රජ්‍ය කොතරම් ස්වාධීන හා අපක්ෂාතී බව ප‍්‍රකාශ කරනු ලැබුවත්, දේශපාලණ හා මුල්‍ය බලය ඇති තැතැන්තන් මේ රාජ්‍යයේ සිටින ඕනෑම කෙනෙකුට ඇමතීමට හෝ මුණගැසීමටත්, ඒ හරහා ඔවුන්ට විවිධාකාරයේ බලපෑම් කිරීමට හැකි බව රංජන්ගේ හඩ පට හරහා නැවත නැවතත් අපට තහවුරුකර දී තිබේ.

More Stories