ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු වසං කරමින් සිටිනට බවට අද බොහෝ තැන්වලින් චෝදනා නැගේ. ඒ බව විපක්ෂයේ දේශපාලන වේදිකාවෙන් පමණක් නොවන, වීවිධ වෘත්තිකයින්ගේ සංගම් විසින් ද ප්‍රකාශ කරනු ලබයි.
මේ සම්බන්ධව පසුගියදා බරපතලම චෝදනාව නැගුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. ඒ් පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළමු දින වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සම්බන්ධව නිවැරදි තොරතුරැ රටට හෙලි නොකිරීම සම්බන්ධයෙනි.
මේ අතර, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන තොරතුරැවල බරපතල ගැටලු පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි. ඔහු පවසා සිටියේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට කෝවිඩ් 19 පැතිරැණ බවට රජය ගෙනියන මතය වැරදි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ සමාජයේ සිට එම මධ්‍යස්ථානයේ කටයුතු කර නිලධාරීන් හෝ හමුදාව හරහා කන්දකාඩු මධ්‍යස්ථානයට මෙම රෝගය ඇතුල් වී ඇති බවයි.
ඒමෙන්ම ඔහු පවසන්නේ ජූලි 14 දින වන විට පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ් තොරතුරැ රජය වසන් කරන බවත්ය. ඒම රෝගීන් රාජාංගනයෙන් පමණක් නොව නොච්චියාගම, සාවස්තිපුර, රඹෑව, කැකිරාව, පාලගල, ගල්ලෑව,පලුගස්වැව හා තලාව යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අතර, පසුගියදා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පීසීආර් පරීක්ෂන සිදු කිරීම නවතා දැමුවේ, ඔවුන් විසින් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්ෂණ මගින් සහතික කරනු ලබන තොරතුරැ රජය විසින් වාර්තා නොකිරීම හෝ පිළිනොගැනීම සම්බන්ධව විරෝධය දැක්වීමක් වශයෙනි.
පළමු වටයේ දී මෙම වසංගතය මේ මට්ටමට පාලනය කිරීම සම්බන්ධව රජයත්, සෞඛ්‍ය සේවාවන්, මෙන්ම ත්‍රිවිධ හමුදාවන් විශාල කැපකිරීමකින් කටයුතු කළාය. ඒමෙන්ම, ඊටත් වඩා වැඩි සුවිශාල කැපකිරීමක් රටේ මහජනතාව විසින් ඉටුකරනු ලැබීය. මෙම වසංගතයෙහි ඇති භයානක තත්ත්වය අවබෝධ කරගත් සියලුම දෙනා විශාල දුෂ්කරතා මධ්‍යයේ, විවිධාකරයේ ගැටලුවලට මුහුණ දෙමින් මෙම රෝගය සමාජය තුළට පැතිරවීම වැලැක්වීමට වගබලා ගත්තාය.
අප මුල් අධියරේ දී ඒසේ සාර්ථකත්වයක් ලැබුවත්, දෙවැනි අධියර ඒතරම් සාර්ථක කර ගැනීමට නොහැකි වුයේ, මෙම රෝගය සම්බන්ධව සමාජයේ පැවති බරපතල කම ලිහිල් කිරීම නිසාය. ඒයට රජයත්, මාධ්‍යයත් වගකිව යුතුය. දෙවැනි වර රට විවෘත කිරීමේ දී ගත යුතු ක්‍රියා මාර්ග නිසියාකරව නොගැනීම මේ තත්ත්වය හේතු වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ, රට විවෘත වන විට විවිධ ස්ථානවලට අදාළව වෙන වෙනම මාර්ගෝපදේශ මාලා හතළිස් ගණනක් සකස් කළා. ඒහි දී දෙවැනි රැල්ලක් මතුවෙන්න පුළුවන් තැන් හතරක් අපි හදුනා ගත්තා. එකක් පොදු ප්‍රවාහනය. දෙක ගුවන්තොටුපොළ, තුන පාසල් විවෘත කිරීම, හතර මැතිවරණය ඡන්ද රැස්වීම් හරහා එන අවදානම. ඒ හතර කළමනාකරණය කරගන්න නම් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි. මේක තවදුරටත් ප්‍රමාද නොකර ගැසට් කළ යුතුයි. ඊට අදාල නීති වහා ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පවසයි.
මේ අතර, පසුගිය පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒම ප්‍රමාණය 259,448 බව වාර්තා වේ. මීට පෙර දිනයේ ද රෝගීන් 237,743 ක් වාර්තා තිබේ. ඒමෙන්ම, පසු ගිය මාසයේ කොවිඩ් 19 මරණ සිදුවීමේ සාමාන්‍ය 4600ක් ලෙස පැවති අතර, ඒය ජූලි මාසයේ 4800 දක්වා ඉහල ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලංකාව තවමත් ලොව කොරෝනා රෝගී වාර්තාව රටවල් අතරින් 105-110ත් අතර ස්ථානයේ රැදී සිටී. අද දිනයේ රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර, වාර්තා වී ඇති මුලු රෝගීන් ප්‍රමාණය 2715 කි.