අවුරුදු ගණනාවකට පසුව ජනාධිපතිවරණයක් නිසි කළට පැවති අතර එම මැතිවරණය පසුගිය ජනාධිපතිවරණ හා සංසදන විට නිදහස් හා සාමකාමී මැතිවරණයක් වූ බවට වැඩි දෙනෙකුගේ මතය විය. මැතිවරණයට පෙර හෝ පසු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතුලූ මැතිවරණ නීති රීති උල්ලංඝණය කරවීම් සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පැවැති බවත් වාර්තා විය. එමෙන්ම මෙම මැතිවරණයේ දී පෝස්ටර්, කටඅවුට්, විශාල ප‍්‍රමාණයේ තොරන් මෙන්ම, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයද යම් අවම මට්ටමක පැවති බවට වාර්තා විය.

මෙවර මැතිවරණ නීති උල්ළඝණය කරවීම් ලෙස වැඩි දෙනාගේ කථාබහට ලක් වුයේ මාධ්‍ය ආයතන විසින් සිදු කරනු ලැබූ මැතිවරණ කොමිසම විසින් ලබා දුන් මාධ්‍ය උපමාන මාධ්‍ය ආයතන විසින් උල්ලංඝණය කරවීම් පිළිබදවය. මාධ්‍ය විසින් සිදු කළ එම කි‍්‍රයාවන් මැතිවරණ ප‍්‍රතිඵලයට යම් බලපෑමක් සිදු කළ බවට ද චෝදනා එල්ල විය.
මෙසේ නිදහස් හා සාධාරණ ජන්දයක් දිනා ගැනීමට හැකිවීම පිළිබදව උදම් අනමින් සිටි මෙරට සාමකාමී ඡුන්ද දායකයින්ගේ ඔලූ ගෙඩි වෙත විශාල හෙන ගෙඩියක් අතහරිනු ලැබුවේ වෙනින් කවුරුවත් නොව මැතිවරණ කොමිසමේ කොමසාරිස් වරයෙකුවන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසිනි.

ඔහු ප‍්‍රකාශ කර තිබුනේ 2019 නොවැම්බර් මස 16 දින පැවති මැතිවරණය තමන් මෙතෙක් දුටු සාධාරණ හා නිදහස් මැතිවරණය වුවද, එම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණය නොවූ බවය.

මහාචාර්ය රත්නජීවන් හූල් මේ සම්බන්ධව කරණු දක්වමින් කියා සිටින්නේ, මැතිවරණයට පෙර ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් කළ ප‍්‍රකාශයන් සම්බන්ධවත්, ජනාධිපති අපේක්ෂක ගොඨාභය රජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබදව ඇති ගැටලූ නිරාකරණ කර ගැනීම සදහා මැතිවරණ කොමිසම විසින් නිසි ක‍්‍රියාමාර්ග ගැනීම සිතා මතා පැහැර හැර ඇති බවත්ය. එමෙන්ම මේ සම්බන්ධව නිසි කි‍්‍රයාමාර්ග ගත යුතු බවට මහචාර්යවරයා කොමිසම හමුවේ අදහස් දැක්වීමත්, එම තොරතුරු වෙනත් පාර්ශවයන් අතට පත්වීමත් නිසා තමන්ගේ ජීවිතය අනතුරට හෙලා ඇති බවත් ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර ඇති බව වාර්තා විය.

මහාචාර්ය වරයාගේ මෙම ප‍්‍රකාශයන් ඉතා බැරූරුම් වන අතර, මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කර තිබුනේ, මේ සම්බන්ධව ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැලකී සිටින බවයි.

More Stories