කෝවිඩ් -19 වෛරසය මර්ධනය කිරීම සදහා ගතවන කාලය පිළිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ්‍යඥයින් විවිධ මත පළකරයි. මින් වැඩි දෙනෙක් මෑතක් වන තෙක් ප්‍රකාශ කර සිටියේ මෙම වෛසරය පාලනය කිරීමට සුදුසු ඒන්නතක් සොයා ගැනීමට අවම වශයෙන් තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.

දැනටමත් රටවල් කිහිපයක විෂේඥයින් විසින් මෙම වෛරසයට ඒරෙහි සුදුසු ඒන්නතක් සැකසීමට  පර්යේෂණ දහස් ගනනක් සිදු කොට, මේ සදහා සුදුසු ඒන්නත් සීයකට ආසන්න සංඛ්‍යාවක් නිපදවා යම් සාර්ථක මට්ටමකට ගෙනැවිත් ඇති බවට වාර්තා වේ. නමුත් මෙම කෝවිඩ් -19 නැමති නව කොරෝනා වෛරසයේ ඇති සංකීරණතාවය නිසාම, තමත් ඒම ඒන්නත් සාර්ථක මට්ටමකට ගෙන ඒමට නොහැකි ව තිබේ.

මීට සුමාන තුනකට පමණ පෙර ජර්මනිය හා ඒංගලන්තය මේ සම්බන්ධව කළ පර්යේෂණ ඉතා සාර්ථක මට්ටමට පැමිණ ඇති බවත්, ඉතා ඉක්මනින් සාර්ථක ඒන්නතක් නිපදවීමට තම විෂේඥ්ඥවරයන්ට හැකියාව ලැබෙනු ඇති බවත්, ඒහි රාජ්‍ය ප්‍රධානීන් පවා ප්‍රකාශ කලාය. මේ අතර මේ සදහා සුදුසු ඒන්නත් ඉදිරිපත් කරනු ලබන තැනැත්තෙකුට ඩොලර් මිලියන පහක තාග්‍යයක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු රටවල් කිහිපයක් සූදානම් බව ප්‍රකාශ කළාය. නමුත් ලෝකයේ කිසිදු රටකට මෙතෙක් ඒම ඉලක්කය ජය ගැනීමට නොහැකිව තිබේ.

මේ අතර, මෙම නව කොරෝනා වෛරසය “කිසිදා තුරන් නොවිය හැකි” බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා පිළිබදව අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා අනතුරු අඟවයි. පසුගිය බදාදා (මැයි 13) මේ සම්බන්ධව ජිනීවා නුවර පැවති සාකච්ඡාවක දී  වෛද්‍ය මයික් රයන් පවසා සිටියේ එන්නතක් සොයා ගැනීමට හැකියාවක් ලැබුනත් වෛරසය පාලනය කිරීම සඳහා “අති විශාල පරිශ්‍රමයක්” දැරීමට සිදුවනු ඇති බවත්ය.

ඒහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ., “මේ වෛරසය අප අතර දිගටම පවතින තවත් වෛරසයක් බවට පත් විය හැකියි. එය කිසිදා ලොවින් තුරන් නොවන වෛරසයක් වෙන්නත් පුළුවන්.”HIV තුරන් වෙලා ගිහින් නැහැ. නමුත් ඒ වෛරසයට මුහුණ දීම සඳහා අපි හැඩ ගැහුණා.” “මෙම වෛරසය අතුරුදහන් වන්නේ කවදාද යන්න පිළිබඳව” කිසිවෙකුට අනාවැකි පළ කළ නොහැකි යැයි පැවසූ බව බීබීසී ය විසින් වාර්තා කර තිබුනි.

අද වන විට ලොව පුරා ලක්ෂ 50කට ආසන්න සංඛ්‍යාවකට මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් මේ වන විට මිය ගොස් තිබේ. මෙම වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව දහ අට ලක්ෂයක් බවයි වාර්තා වන්නෙ.

More Stories