පසුගිය දා චීනයේ වූහාන් (Wuhan) ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා (Corona) නැමැති වෛරසය හේතුවෙන් මේ වන විට චීන ජාතිකයින් 56 දෙනෙකු මියගොස් ඇති බවටත්, තවත් 2000කට අධික පිරිසකට මෙම වෛරසය ශරීර ගතව ඇති බවටත් වාර්තා විය. ඒමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් වාර්තා විය. මේ අතර, එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කළ බව වාර්තා විය.

මේ අතර, මෙම වෛරසය ශරීර ගතව ඇතැයි යන සැකය මත චීන ජාතිකයින් දෙදෙනෙකු හා තවත් ලාංකිකයෙකු කොළඹ IDH රෝහලට ඇතුලත් කර මේ සම්බන්ධව පරීක්ෂණ පත්වමින් සිටින බවද වාර්තා විය.

මේ වන විට මෙම වෛරසය පැතිරීම වැලැක්වීම සදහා චීනයේ වූහාන් ප්‍රදේශයේ මහජන සේවාවන් හා මහජනයා ගැවසෙන උත්සව නවතා දමා ඇති අතර, සමහර ප්‍රදේශයන් හි කඩ සාප්පුද වසා දමා ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේය.

2002 වසරේ දී මේ ආකාරයේම වෛරසයක් චීනයෙන් සොයා ගනු ලැබු අතර ඒම වෛරසය සාර්ස් (Sars) නමින් හැඳින් වූ අතර, ඒම වෛරසයට පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගිය බව වාර්තා විය.

ඉන් පසුව 2012 වසරේ දී ඒවැනිම වෛරසයක් පැතුරැණු අතර ඒය මර්ස් (Mers) වෛරසය නමින් හදුන්වනු ලැබූ අතර මෙම වෛරසයට 2494 දෙදෙනෙකු ගොදුරැව ඉන් 858 දෙනෙක් මිය ගිය බව වාර්තා විය.

පසුව මෙම වෛරසයන් මිනිස් ශරීරයට ඇතුලු වූ ආකාරය සොයාගත් විඥාඥායින් පවසා සිටියේ සතුන්ගේ මාර්ගයෙන් මෙම වෛරස් මිනිස් ශරීරයට ඇතුලු වී ඇති බවයි. ඒ් අනුව සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට පතිත වූයේ උරුලෑවකුගෙන් බවත්, මාස් (Mers) වෛරසය මිනිසාට ආසාදනය වන්නේ ඔටුවන්ගෙන් බවත් සොයා ගෙන තිබුනි.

කොරෝනා නැමැති මෙම නව වෛරසය පැතිරී ඇත්තේ කෙසේද යන්න පිළිබදව තවමත් නිවැරදි සොයා ගැනීමක් නොමැති වුවත්, දැනට සොයා ගෙන ඇති තොරතුරැ මත මෙම වෛරසයත් සත්ව මාංශ විශේෂයෙන් වන සතුන්ගේ මාංශ පරිභෝජනය නිසා ඇති වූ වක් බවට සැක පහල වී තිබේ. ඒ් අනුව චීනයේ වූහාන් ප්‍රදේශයේ වන සතුන්ගේ මාංශ අලෙවිය මධ්‍යස්ථානයන් තාවකාලිකව තහනම් කර ඇති අතර, වන සතුන්ගේ මාංශ ආහාරයට නොගන්නා ලෙසද දන්වා තිබේ.

විශාල ජනග්‍රහණයක් සහිත රටක් වන චීනයේ වුහාන් ප්‍රදේශයේ පමණක් ලංකාවට සමාන ජනග්‍රහණයක් ජීවත් වේ. මෙම වෛරසය හේතුවෙන් චීන ජාතිකයින් ඒක් දිනක් වන සතුන් පරිභෝජනය නතර කරනු ලැබුවත් ඉන් වන සතුන් ලක්ෂ ගණනකගේ ජීවිත රැකගැනීමට හැකි වනු ඇත.

More Stories