බෞද්ධ දර්ශණයට කිසිසේත් නොගැලපෙන සමහර චීවරදාරීන්ගේ නොමනා ක්‍රියාමාර්ගයන් පිළිබදව සෑහෙන විවේචනයක් අප සමාජය තුළ පවතින නමුත්, ඒ පිළිබදව ඒලිපිට කතා කරනු ලැබුවේ ඉන් කිහිපදෙනෙකු පමණි. මේ සම්බනධව අනිවාර්යෙන් සාකච්ඡා කළ යුතු සංඝ සමාජයත්, නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දේශපාලණඥයිනුත් මේ මාතෘකාව පිළිබදව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය. වගකිව යුත්තන්ගේ මෙම නිහඩතාවය නිසාම ගිහි සමාජයට බොහෝ ඉදිරියෙන් සිටිය යුතු, ආදර්ශමත් හා පරමාදර්ශී ව කටයුතු කළ යුතු සංඝ සමාජයට ඒම කාර්යට දායක වීමට නොහැකි තත්ත්වයක් අද උදාවී තිබේ.

මෙම චීවරදාරීන් පිළිබදව විටින් විට සමහර සංඝයා වහන්සේලාත්, ගිහි සමාජයේ කිහිප දෙනෙකුත් යම් යම් අදහස් පළකරනු ලැබුවත්, මෙම කණ්ඩායම් විසින් ම ඊට දැඩි ප්‍රථිප්‍රහාර ඒල්ල කිරීම නිසා ඒම අදහස් ලත් තැනම ලොප් විය. ප්‍රහාරය දැඩිවීම නිසා කතා කරමින් සිටි කිහිප දෙනාත් කතාව අතරමග නවතා දමනු ලැබීය.

නමුත්, මෑත ඉතිහාසය තුළ මෙම චීවරදාරීන්ගේ නොමනා ක්‍රියාවන් සම්බන්ධව තම මතය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරනු ලැබුවේ හා ඒ මතය වෙනුවෙන්ම අඛන්ඩව පෙනී සිටි ඒකම දේශපාලඥයා ලෙස මංගල සමරවීර හැදින්විය හැකිය. ඔහු කාලයක සිට මේ සම්බන්දව ප්‍රසිද්ධියේ කතා කරනු ලැබු අතර, ඉන් ඔහුට දේශපාලණ වශයෙන් යම් යම් පාඩු සිදු වූ බවද වාර්තා විය. පසුගියදාත් මංගල සමරවීර විසින් සංඝ සමාජය තුළ බෟද්ධ දර්ශණයට පටහැනිව ක්‍රියාත්මකවන සංඝ කල්ලි ඇති බව ප්‍රකාශ කර තිබුනි. මේ සම්බන්ධව ඉහත චීවරදාරීන්ගේ දැඩි විවේචනයක් මංගල වෙත ඒල්ල විය.

මේ අතර, භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන භික්ෂූන් පිළිබදව සොයා බලා එම භික්ෂූන් රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන හිමියෝ ‘අද’ පුවත්පත ට පැවසූහ යි, එම පුවත්පත මැයි 22 වාර්තා කළේ ය. මෙම ප්‍රවෘත්තිය සත්‍යයක් නම්, මංගල සමරවීරගේ උත්සාහය යම් පමණකට ඵල දරා තිබේ.

නමුත්, කලක් විප්ලවාදී පක්ෂයක නායකයෙකු ලෙස කටයුතු කළ වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන වාසුදේව නානයක්කාර වැනි අය ප්‍රකාශ කරන්නේ ඉහත මංගලගේ ප්‍රකාශය සම්බන්ධව ICCPR පණත යටතේ මංගල සමරවීරට ඒරෙහිව නඩු පැවරිය යුතු බවයි.

මෙසේ කියන වාසුදේව කවරෙක්ද? කලක් සමසමාජ ව්‍යාපාරය තුළත් දේශපාලනයක නිරතවීම මත ඒයට ඒරෙහිව නව සමසමාජ පක්ෂය ගොඩනැගීම සදහාත් පුරෝගාමී මෙහෙවරක් කරනු ලැබු අයෙකි. ඒමෙන්ම, ඔහු තරැණ කළ සිටම ජාති හා කුළ හා ආගම්වාදී අන්තවාදයන්ට ඒරෙහිව කටයුතු කිරීම සදහා පුර්ණකාලීනව දේශපාලණ කටයුතුවල නියැලුණ තැනැත්තෙකි.

නමුත්, 1990න් පසුව ඔහු ඒතෙක් පවත්වාගෙන පැමිණි දේශපාලණ ගමන් මාර්ගය වෙනස් කරමින්, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ මන්ත්‍රීවරයෙකු ලෙසත්, ඉන් පසුව මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකු ලෙසත්, පසුව ගොඨාභය රාපක්ෂ මහතාගේ රජයේ ඇමතිවරයෙකු ලෙසත් දශක දෙකකට වැඩි කලක් කටයුතු කිරීමත් සමගම ඔහු තුලින් කැපී පෙනෙන වෙනස්කම් රාශියක් දැක ගැනීමට හැකි විය.

ඒ් අතරින්, මූලික කොන්දේසි පවා උල්ලඝණය කරමින් යුද්ධය ඉතා බිහිසුනුව ක්‍රියාත්මක වන අවධියේ දී ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු ලෙස පැවති ඔහුගේ නිහඩතාවයත්, රටේ මූලික අයිතිවාසිකම් කඩ වී ඊට ඒරෙහිව මුලු සමාජයක් ඒකව කටයුතු කිරීමේ දී  ඔහු ඊට ප්‍රථිවිරැද්ධ කදවුර නියොජනය කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත්, ඉතා මෑතක් වෙන තෙක් වර්තමාන ජනාධිපතිවරයා මිලිටරිවාදියෙකු ලෙසත්, ඔහුට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට කිසිදු සුදුසු කමක් නොමැති බව ප්‍රසිද්ධියේ පෙනී සිටි අතලොස්සක් වූ දේශපාලණඥයින් අතර වාසුදේව මූලිකයෙකු විය.

More Stories