ලංකාවේ 7වන ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා පැවැති මැතිවරණ ව්‍යාපාරය ඊයේ රාත්‍රී 12 පසුව අවසන් විය. මෙවර මැතිවරණය ව්‍යාපාරය පසුගිය මැතිවරණය ව්‍යාපාරයන් හා සංසන්දනය කරන විට පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබුනි. අතීතයේ මෙවැනි මැතිවරණයන්හිදී  අප දුටු  අහස උසට ගොඩනැගී තිබු තොරන් කටඅවුට්, ඉන්දියවේ මුද්‍රණය කර ගෙනෙන ලද සියලු නගරයන් වැසී යන පරිද්දෙන් අලවා තිබු පාට හයේ පෝස්ටර් මෙවර ඒතරම් දැක ගැනීමට නොහැකි විය.

ඒමෙන්ම රාජ්‍ය දේපල පරිහරණය කරමින්, සිල්රෙදි, දිනපොත්, සපත්තු, ඔරලෝසු, විදුලි උපකරණ ඡන්ද දායකයින් වෙත බෙදා දෙමින් යන මැතිවරණ ව්‍යාපාරයක් අපට දැක ගන්නට නොලැබුනි.  මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට පැමිණිලි වාර්තා වූ බවට මැතිවරණ නිරීක්ෂක ආයතන පැවසුවත් ගිනිගත්හේන වෙඩි තැබීමේ සිද්ධිය හා මන්ද මානසික තරැණියක් දූෂණය කිරීමේ සිද්ධිය හැරැණුකොට බරපතල ඝනයේ අපරාධ කිසිවක් මෙතෙක් වාර්තා නොවුනි.

මෙම වෙනස සදහා මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වයත්, නීතිය ආරක්ෂා කිරීීම සදහා කටයුතු කරනු ලබන පොලීසියේ හැසිරීමත්, අනෙකුත් රාජ්‍ය අංශ නිලධාරීනගේ ක්‍රියාකාරීත්වයත් විශේෂයෙන් බලපෑ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒමෙන්ම ඒම ආයතන හා ඊට අදාල නිලධාරීන්ට කිසිදු දේශපාලණ මැදිහත්වීමකින් තොරව නිදහසේ කටයුතු කිරීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ලැබුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරනු ලැබූ දේශපාලණ ප්‍රථිසංස්කරණයන් නිසා බවද අමුතුවෙන් කිව යුතු ‌නොවේ.

අද අප බුක්තිවිදන මෙම නිදහස් හා සමාකාමී පරිසරය 2015 ජනවාරි 08 ගොඩනැගු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කුලුනු මත පිහිටා ඇති බවද අප අමතක නොකළ යුතුය. එමෙන්ම මෙසේ නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය අප විසින් නිර්මාණය කරන විට, අප කිසිසේත් බලාපොරොත්තු නොවු ඊට බාධාවන ආකාරයේ ප්‍රථිවිරොධතාවයක් ද අප විසින් ම නිර්මාණය කර තිබේ. ඒ් අප විසින් ජනමාධ්‍ය වෙත ලබා දුන් ලබා දුන් මාධ්‍ය නිදහසයි.

මෙම නිදහස දඩමීමා කරගෙන පසුගිය කාලය තුල පොදු දේපලක්ව පවතින මහජන සංඛ්‍යාත අවභාවිතා කරමින් සමහර මාධ්‍ය හැසුරැණු අකාරය ඉතාමත් නින්දිතය. සමහර මාධ්‍යවේදීන් තම ජීවිත පරිත්‍යාගයෙන් ලබාදුන් මාධ්‍ය නිදහස කූට මාධ්‍ය ආයතන තම දේශපාලණ හා ව්‍යාපාරික අරමුණු සදහා ලබාදුන් මෙම නිදහස අවභාවිතා කිරීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉන් විශාල හානියක් බූ බව නම් නොකියා බැරිය.

මේ පිළිබදව මැතිවරණ කොමිසමට සිවිල සංවිධනා ගණනාවක් විසින් පැමිණිලි කරනු ලැබුවත් ඒ් සම්බන්ධව පියවර ගැනීමට අවශ්‍ය බලයක් කොමිසමට නොමැති බව කොමිසම විසින් පෙන්වා දෙන ලදී. ඒසේනම් නැවත ගොඩනැගෙන යහපාලන රජයක ඒක් ප්‍රධාන කටයුත්තක් වන්නේ සමහර මාධ්‍ය ආයතන විසින් මෙසේ මාධ්‍ය අවභාවිතා කරමින්  සිදු කරනු ලබන මෙවනි හැසිරීම් වැලැක්වීම සදහා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි.

More Stories