සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතණය කර අදට (8) වසර 11ක් සම්පුර්ණ විය. යහපාලන රජය ගොඩනැගීම සදහා දායක වූ සියලුම බලවේගයන් හි ඒක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද ලසන්ත, ප්‍රදීප් එක්නැලිගොඩ හා ශිවරාම් ඇතුලු කෘර ලෙස ඝාතණය වූ මාධ්‍යවේදීන් පිළිබදව වහා සාධරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා අපරාධ කරැවන්ට දඩුවම් පමුණවන ලෙසත්, මෙවැනි අපරාධ ඉදිරියේ දී ඇති නොවන ලෙසට අවශ්‍ය පසුබිම සකසන ලෙසයි.
සමහර මාධ්‍ය ආයතන ගිනි තබද්දී, තහනම් කරද්දී, මාධ්‍ය වේදීන් පැහැරගෙන ගොස් කෘර ලෙස හිංසා කරද්දීත් මාධ්‍යවේදීන් ගෙන්වා මරණීය තර්ජනය කරද්දීත්, ලසන්ත නොබියව මේ රටේ යුක්තිය, ප්‍රජාතන්ත්‍රවායද වෙනුවෙන් තම පෑණ මෙහෙය වීය. තර්ජන, බලපෑම් හරහා ලසන්ත නවතා ලිය නොහැකි බව තේරැම් ගත් මිනීමරැවන් ඉතා සූක්ෂම ලෙස ලසන්තව ඝාතණය කරණු ලැබීය.
නමුත් ලසන්තගේ ඝාතණයෙන් පසුව බෙදී විසිරී සිටි විපක්ෂයේ බලවේග හා සිවිල් සංවිධාන වාද බේද අමතක කොට ඒක්ව කටයුතු කිරීම ආරම්භ කරනු ලැබීය. ඒසේ ගොඩනැගුණු පලමු සිවිල් ව්‍යාපාරය වුයේ නිදහසේ වේදිකාව යි. නිදහසේ වේදිකාව විවිධ බාධක හා දුෂ්කර තා මධ්‍යයේ රට වටා යමින් පැවැති රෙජීමයට එරෙහිව මේ රටේ ප්‍රගතිශීලීන් ගොනු කරනු ලබන දේශපාලන වේදිකාවක් බවට පත් විය.
ඉන් පසුව තවත් එවැනි සිවිල් ව්‍යාපාර ගනනාවක් බිහි වූ අතර, එම සියලුම ප්‍රගතිශිලී ව්‍යාපාරයන්ගේ ශක්තියෙන් 2015 ජනවාරි 8 පැවැති රජය වෙනස්කර ලසන්තත් බලාපොරොත්තු වූ ආකාරයේ යහපාලන රජයක් ගොඩනැගීමට මුල් විය. නමුත් ඒම යහපාලන රජයටත්, මෙවැනි රජයක් ගෙන ඒම සදහා තම ජීවිතය කැප කළ ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට නොහැකි විය. එමපණක් නොව යහපාලන රජයේ බොහෝ නායකයන් තුළින් ලසන්ත පිළිබදව මතකය ද ක්‍රමයෙන් වියැකෙමින් යන බවක් ද පෙනෙන්නට තිබුනි.
ඒමෙන්ම, ලසන්තගේ නෑදෑ හිතවතුන්ටත්, සිවිල් සමාජ ක්‍රියාධරයන්ටත් ලසන්ත පිළිබදව මතක වියකී ගොස් ඇති බව අද ඔහුගේ 11 වන අවමංග්‍ය සිහිකිරීමේ උත්සවයට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී මට සිතුණි.