anura-kumara

මෙවර ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම 50% ඉක්මවූ ඡන්ද ප‍්‍රථිශතයක් ලබාගත නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම්වල මතය වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ දහය ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා ගන්නා බවත් ඒ නිසා කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉලක්කය පසුකර යාමට නොහැකි බවයි.

සැබැවින්ම එවැනි ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට තුන්වැනි අපේක්ෂකයෙකුට හැකියාව ලැබුනොත් ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම 50% ඉලක්කය පසුකිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. එසේ නම් පවතින මැතිවරණ නීතියට අනුව දෙවැනි මනාපය ගණනය කරනු ලබන අතර, ඉහත ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් වැඩිම දෙවැනි මනාපයක් ලබා ගන්නා අපේක්ෂකයා ඉන් ජය ගනු ඇත.

නමුත්, මෙම ඉතා අවධානම් කී‍්‍රඩාවකි. අචාර්ය ජයම්පති වික‍්‍රමරත්නගේ භාෂාවෙන් කියන්නේ නම් එය යක්ෂයා දොරලග තබාගෙන වීනා වැයීමක් වැනිය. ජිප්සීස් සුනිල් පෙරේරාගේ භාෂාවෙන් කියන්නේ නම් ඒය මහ රකුසාගෙන් බේරී සිටීමට නොහැකිවන තත්ත්වයකි.

ජාතික ජනබලවේගය නියෝජනය කරන සමහර උගතුන් දෙවැනි මනාපයක් ගැන පවසනු ලැබුවත්, එවැනි දෙවැනි මනාපය ලකුණු කිරීමක් සම්බන්ධව කිසිදු අත්දැකීමක් හෝ අවබෝධයක් අපේ ඡන්ද දායකයින්ට නැත. එම නිසා එකවර මෙසේ දෙවැනි මනාපයක් ලකුණු කිරීමට ඔවුන් යොමු කිරීම නිසා බොහෝ ඡන්ද ප‍්‍රමාණයක් අවලංගුවීමට ද හැකියාව තිබේ.

ඒ කෙසේ වෙතත් ජාතික ජන බලවේගය විසින් මෙතෙක් දෙවැනි මනාපයක් ලබාදීම සම්බන්ධව කිසිදු අදහස් තම ඡන්ද දායකයින් වෙත ප‍්‍රකාශකර නොමැත. අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධව ප‍්‍රකාශ කර තිබුනේ එය අපට අදාල කාරණයක් නොවන බවයි. කෙසේ හෝ මැතිවරණයට දින කිහිපයක් තබා එසේ ප‍්‍රකාශ කරනු ලැබුවත් එය එතරම් ප‍්‍රායෝගික කි‍්‍රයාවක් ද නොවනු ඇත.

මෙම සියලූ තත්ත්වයන් යටතේ මෙම අපේක්ෂකයින් දෙදෙනා සංසදනය කළ විට කොපමණ අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් අපට එක් තෝරාගැනීමක් කිරීමට බලකර තිබේ. මෙහි ඇති බැරූරැම්කම තේරුම්ගත් බොහෝ දෙනා මේ වන විට අකමැත්තෙන් වුවත් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඒ ගෝඨාට ඇති බිය නිසාය.

නමුත්, ජනතා විමුක්ති පෙරමුණේ සමහර සමාජිකයින් කියා සිිටින්නේ එවැනි මාරාන්තික බියක් ගෝඨා සම්බන්ධව ඇති කර ගැනීමට හේතුවක් නොමැති බවයි. ඔහු ජනාධිපති වුවත් ඔහුට පසුගිය ආකාරයට මර්ධනකාරී ලෙස හැසිරිය නොහැකි බවත් ඔවුන් ප‍්‍රකාශකර සිටී.

ගෝඨා අමාත්‍යංශයක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ අවධියේ ඔහු විසින් කළ කී දැ අනුව ඔහු මේ රටේ ජනාධිපතිධුරයට පත්වුවහොත් කළ හැකි දේ පිළිබදව අඩු තක්සේරුවකින් කටයුතු කිරීමේ පාපයට ජාතික ජනබලවේගය නියෝජනය කර අය පමණක් නොව සාමය ප‍්‍රජාතතන්ත‍්‍රවාදය ගැන කතා කළ බොහෝ දෙනෙකුට එහි ප‍්‍රථිවිපාක නිසැකවම අත්වීදීමට සිදුවනු නොවනුමානය.

More Stories