corona

කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ල හේතුවෙන් වෛරසය ආසාධනයවීමෙන් දින දෙකක කාලය තුළදි රෝගීන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුලියාපිටියේ පදිංචිකරුවෙකු පෙරේදා (5දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වි තිබේ.ඊට අමතරව ගලෙන්බිදුණුවැව රාජංගනය සිරිමාපුර හා තිරප්පනය ප්‍රදේශ පදිංචිකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට 4 හා 5 දිනයන්හිදී මරණයට පත්වි තිබේ.

සිදුකරන පරික්ෂණ හමුවේ කොවිඩ් ආසාධිතයන් විශාල වශයෙන් හමුවන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරන අතර මිහින්තලය කුරුන්දන්කුලම ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාධනයවූ මවක හා පුතෙකු (6දා) හමුවු බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊට අමතරව මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසුවෙකුට කොවිඩ් ආසාධනයවි ඇති බව පවසන සෞඛ්‍ය අංශ විශ්ව විද්‍යාලය තුළ රෝගය පැතිරීම වැලක්වීම අවශ්‍ය සියළුම පියවර ගෙන තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි.

දෛයිනිකව හමුවන කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් වලට අවශ්‍ය ඇදන් පහසුකම් නොමැතිවිමෙන් ආසාධිතයන් 130කට ආසන්න පිරිසක් ඊයේ (6දා) වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවෙස් වලම ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

පවතින ඇදන් හිගයට පිළියම් වශයෙන් මිහින්තලය තම්මැන්නාව රෝහල කැකිරාව හා තන්තිරිමලය රෝහල් යොදා ගැනීමට සෞඛ්‍ය අංශ අවධානය යොමුවි තිබේ.නිවෙස් වල ප්‍රතිකාර ලබන ඇතමුන්ට ශ්වසන අපහසුතා ඇතිව තිබෙනා බව අනාවරණයවූ අතර දැනට නිවෙස් වල ස්වයං නිරෝධායනය වන රෝගින් කිහිප දෙනෙකු අප අමතමින් මෙසේ පැවසුහ.

දින හතරකට ආසන්න කාලයක් වනවා කොවිඩ් 19 වෛරසය ආසාධනය වුනා කියලා දැනගෙන.නමුත් රෝහල් වල ඇදන් නැති නිසා නිවසේ කාමරයන් ඇතුලට වෙලා ඉන්නවා.දරුවන්ට නිවසේ අනිත් සාමාජිකයන්ට ලෙඩේ හැදෙයි කියලා බයෙන් ඉන්නේ.මුලින්ම කිසිම රෝගි තත්වයක් තිබුණේ නෑ නමුත් දැන් ඇගපත රුදාව එනවා.හුස්ම ගන්නත් සමහර අවස්ථා වලදි බැරිවෙනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories