මීට වසර 14ට පෙර මැයි මස 19 වැනිදා අද වැනි දිනෙක අපේ රටේ මිනිස්සු ගමක් නගරයක් ගානේ කිරි බත් පිසිමින් රතිඤ්ඤා පත්තු කරමින් යුද ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තා.

මනුස්සකම් ගුණදහම් හඳුනන ශ්‍රී ලංකාවේ මළගමක් වෙනුවෙන් කිරි බතක් පිසුවේ නම් ඒ 2009 වසරේ මැයි මස 19 වැනිදාය.

ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් පැවති කුරිරු යුද්ධය නිමාකර අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට 14 වසරකට පෙරයි.

1983 වර්ෂයේ දී දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් 1979 වර්ෂයේ දී පළමු ඊළාම් යුද්ධය ආරම්භවිය.

1984 වර්ෂයේ සිට ප්‍රභාකරන් විසින් උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක විය.

දහස් ගණන් මිනිස්සුන්ට ජීවිත අහිමි කළ තවත් බොහෝ දෙනා ආබාධිතයින් බවට පත් කළ රටේ මහා ධන සම්පතක් විනාශ කළ කුරිරු යුද්ධය අවසන් වූයේ රට සංවර්ධනයට අලුත් මාවතක් විවර කරමිනි.

එම නිදහස උදා වී මේ වසරට අප වසර 14ක් ගෙවා ඇති මේ මොහොතේ වීරෝධාර රණවිරුවන් කිසිසේත්ම අමතක කළ නොහැකි අතර ඔවුන් අනුස්මරණය කිරීම අපගේ යුතුකමක් ද වන්නේය.

More Stories