යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
ඒ් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදාවේ දායකත්වයෙනි.
මෙහිදි යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරනු ලැබේ.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්‍ෂිතව දියයට ස්ථානගත කිරීම සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දී ඇත.
තවද, මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂා කරයි.
මීට පෙරද මීගමුව වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ මෙරට ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ, මිල අධික, වෙඩි නොවදින, සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් සමඟම නාවික හමුදා භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වූ ‘වෙලින්’ නමැති නෞකාව ගැඹුරු මුහුදේ ගිල්වා දමනු ලැබිණ. එයද සිදු කෙරුණේ ජෛව විවිධත්වය වැඩි කර කොරල් සෑදී මත්ස්‍ය ජනගහනය වැඩි කිරිමටය.
ශානිකා