හැටන් දික්ඔය නගර සභාව සදහා ස්ථිර ලේකම්වරයකු නොමැතිවිමෙන් එම නගර සභාවේ පරිපාලන කටයුතු මෙන්ම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසි ලෙස කර ගෙන යාමේදි විවිධ ගැටළුවලට මුහුණ දිමට සිදුවන බව එම නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දැනට දිගු කාලයක සිට මෙම නගර සභාව සදහා ස්ථිර ලේකම්වරයෙක් නොමැති බවත්ය.
මේ වන විට තලවාකැලේ ලිදුල නගර සභාවේ ලේකම් මහතා වැඩ බලන ලේකම් ලෙස මෙම නගර සභාවට පත් කර ඇති බවත් ඔහු සතියකට දින දෙකක් පමනක් මෙම නගර සභාවේ වැඩ ආවරණය කරන බවත්ය.
සතියකට දින දෙකක සේවය මෙම නගර සභාවට ප්‍රමාණවත් නොවන බවත් මෙම තත්වයන් මත මෙම නගර සභාවේ පරිපාලන කටයුතු වලට මෙන්ම ප්‍රදේශයේ විවිධ සංවර්ධන කටයුතුවලටද විවිධ බධා එල්ලවි ඇති බවද ඔහු පැවසිය.
මෙම නගර සභාව සදහා ස්ථිර ලේකම්වරයකු පත් කරන ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයා වෙත අවස්ථා කිපයකදිම දන්වා ඇති නමුත් මේ වන තෙක් ස්ථිර ලේකම්වරයකු පත් කිරිමට පියවර ගෙන නොමැති බවද සඩයන් බාලචන්ද්‍රන් මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා