මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අනුව මෙම බැනර් පෝස්ටර් කටවුට් ඉවත් කරන කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 1300ක පමණ මුදලක් අදාළ පොලිස් ස්ථාන භාර ප්‍රධානින් විසින් ගෙවනු ලබන බැව් පොලිසිය කියයි.

මේ අතර යාපනය පළාතේ මෙවැනි පෝස්ටර් බැනර් කටවුඩ් දැනටමත් ඉවත් කළ බව යාපනය පොලිසිය පැවසීය.

Similar Posts