තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් එක් කාන්තාවක් මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් පහර දිමෙන් එම පිරිස තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එස්. පි. ජයලත් මහතා පවසන ලද්දේ 02වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු රෝහල් ගත කල බවත් එයින් එක් කාන්තාවක් මිය ගොස් ඇති බවත්ය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 59ක් වයසැති හලීමා බීබී නැමති අය බවත් එම අයගේ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විමට කටයුතු කරන බවද වැඩි දුරටත් පවසන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බබර ප්‍රහාරය පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්