කැලණිය බියගම පිහිටි මහල් තුනකින් සමන්විත අංගසම්පූර්ණ කාමර 225 කින් සැදුම් ලත් බියගම විලේජ් හෝටලය එහි අධිපති සුරංග ජයරත්න මහතා විසින් කොවිඞ් 19 වසංගත රෝග නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ශ‍්‍රීලංකා යුධහමුදාව වෙත පවරාදී ඇත.

ජනපති, අගමැති සහ සෞඛ්‍ය බලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව සමග එක්ව රටත් රටේ ජනතාවත් මෙම වසංගත රෝගයෙන් බේරා ගැනීමට ගන්නා උත්සාහය වෙනුවෙන් අපිත් එතුමාට සහාය වියයුතු බැවින් සියළුම පහසුකම් වලින් සපිරි මෙම දැවැන්ත හෝටල් පරිශ‍්‍රය ශ‍්‍රීලංකා යුධහමුදාවට පවරා දීමට එහි අධිපති සුරංග ජයරත්න මහතා තීරණයක් ගෙන ඇත.

මෙම දැවැන්ත හෝටල් පරිශ‍්‍රය සැබැවින්ම රෝහලක් වගේ විශාලයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා යුධහමුදාවේ නිලධාරීන් 200ක් පමණ බලඇණියක් පැමිණ හෝටල් කාමර 140ක පමණ විෂබීජ හරණය කර අවසන්.

දින තුනක් මුළුල්ලේ හමුදා නිලධාරීන් 200කගේ පමණ සහභාගිත්වයක් මේ සදහා ලබාදී තිබෙනවා.

27 වැනිදා පළමු නිරෝධායන කණ්ඩායම ලෙස 150 දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් මෙම ස්ථානයට පැමිණියා.

මෙම ස්ථානය විශේෂයෙන් වෙන් වෙන්නේ කොවිඞ්19 වෛරසය වැළදුණු නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විදෙස්ගතව සිට පැමිණෙන පිරිසගේ නිරෝධායනය කටයුතු සදහායි.

කෙසේ නමුත් ලංකාවෙන් අවසන් රෝගියා වාර්තා වන තෙක් අපි බියගම විලේජ් හෝටලය ආපසු අපට පවරා ගැනීමට එහි අධිපති සුරංග ජයරත්න මහතා අදහස් කරන්නේ නැතැයි මෙම සද්ක‍්‍රියාව භාරව කටයුතු කරන සම්බන්ධීකාරකවරයා වූ ධම්මික රයිගම මහතා පැවසිය.

More Stories