ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ අටවා තිබු මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නල්ලතන්තිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත.
තේ වතු තුල සැරි සරන වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත වතු කම්කරුවන් විසින් අටවා තිබු මන්දකට මෙම කදුකර කොටියා 12වන දින හසුව සිටි බව නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
එසේ මන්දට හසුව සිටි එම කදුකර කොටියා නිරිවින්දය කර බෙරා ගැනිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
වතු කරය තුල වන සතුන් දඩයම් කිරිම සදහා අටවා තැබෙන මදු ඉවත් කිරිමට මේවන විට පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්