මේ රජය බලයට පැමිණි විගස  කොළ ඒළි මෙන්ම රතු ඒළි දැල් වු බවත්  මේ වන විට සිවිල් සංවිධාන වන අප කහ ඒළි දල්වාගෙන රජය දෙස බලා සිටින බවත්  රයිට් ටු ලයිප් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති මානව හිමිකම් වෙනුවෙන් නැඟී සිටිමු- මහජන කතිකාවතට සහභාගි වෙමිනි. මෙම උත්සවය රයිටු ටු ලයිප් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

මේ ආණ්ඩුවේ කොළ ඒළි අතර  කුඩා කැබිනෙට් මණ්ඩලයක් පත් කිරිම , මහවිරු සැමරුම සම්බන්ධයෙන් විවේචන පැවතුනත් ඒ් සම්බන්ධයෙන් කළ නිල ප්‍රකාශය  යහ පාලන ආණ්ඩුවේවත් නොසිටි මානව හිමිකම් ආමාත්‍යවරයෙකු මෙම රජයේ කුඩා කැබිනෙට්ටුවට ඇතුල් වීම ඒ් අතර වන බවද පැවසුවේය.

නමුත් මේ කොළ ඒළි දැල්වෙන්නේ මහමැතිවරණය තෙක් කියා ඇතමුන් පවසන බවද හෙතම පැවසුවේය. ආණ්ඩුව කොළ ඒළි දල්වන විට රතු ඒළි කිහිපයක්ද පැමිණි බවත් ඒ් අතර ස්විස් නිලධාරිනිය සම්බන්ධ සිදුවීම, මාධ්‍ය ආයතන වෙත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණිම වැනි සිද්ධි තිබු බවද ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කොමිසමේ වාර්තා අනුව මානව හිමිකම් කඩවීම් තුනෙන් ඒකක විතර අඩුවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Similar Posts