law
SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී ඇති වුනු විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය කල වෙඩි තැබීමට එරෙහිව එකී වෙඩි තැබීම් වලින් තුවාල ලැබූ වින්දිතයන් විසින් පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩු ඊයේ (27) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවනු ලැබුණි.
එසේ වුවද එකී පෙත්සම් විභාගය සදහා නියම වී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනාගෙන් ‍ෙදදෙනෙක් පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධ විශේෂ නඩුවක් විභාගය සදහා නම් කර සිටි බැවින් පෙත්සම් විභාගය නොවැම්බර් 6 සහ 7 දක්වා කල් තබන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පැවරීම සහ පවත්වාගෙන යාම සදහා වින්දිතයන් වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය නීති ආධාරයන් සපයන අතර මෙම තුවාල ලැබූ වින්දියන් සදහා වෛද්‍ය ආධාරද එම ආයතනය විසින් සපයයි.
අයිතිය විශේෂ වාර්තාකරු

aithiya.lk

//SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 was listed in 404 today for leave to proceed before Justices Murdu Fernando, Janak De Silva and Obeyesekere. However two judges of the bench were unavailable due to a special determination. Therefore, the case was refixed for leave to proceed on the 6th and 7th of November 2024.//

Similar Posts