කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි.

බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ සිය කණස්සල්ල පල කරන බව ඔහු සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් ලොව පුරා පවතිනු ඇති බව පෙන්වාදී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ කිසිදු අත්වැරදීමකින් තොරව වෛරස් ව්‍යාප්තිය  පාලනයට රටවල් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.

වෛරසය සඳහා නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමේ හැකියාව ඉතා අල්ප බව එංගලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටී පවසයි.

 

Similar Posts