ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ පරිපාලන නිලධාරියකු පවසන ලද්දේ මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් 2023 2024 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන බවත් එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇති බවත්ය.
එම තත්වයන් මත මේ මස 25වන දින සිට මෙම වීශේෂ බස් රථ සේවාවන් ආරම්භ කරන බවත් ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිනෙන වන්දනාකරුවන් සදහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වාත් කොළඹ, මහනුවර, කතරගම,වැනි ප්‍රදේශවල සිට නල්ලතන්නිය දක්වාත් බස් රථ යෙදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්