හිටපු මුදල් අමාත්‍ය වරයකුගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළදපල උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු .
මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම් වලට හසුවුවන් සදහා අරක්කු අලෙවියේ නිරත වූ සමාගම් මේ වනවිට වෙළදපල විවිධාංගිකරණය සදහා අරක්කු කුප්පි ඩප්පි දක්වා වෙනස් කිරීමට වගබලාගෙන ඇත . 180ml පමන කුඩා ෂැශේ පැකට්ටු වලින් වෙළදපල ප්‍රතිනිර්මානයට සියලු දේ සුදානම් කර ඇති මෙම ව්‍යාපාරිකයා පසුගිය සමයේ සකේ නමැති මද්‍යසාරය නිෂ්පාදනය කිරීමට ගොස් පාඩු ලැබූ අයෙක් උවත් මෙවර ෂැශේ ඩප්පි තුලින් නම් ජයගනු නිසැකය .
මද්‍යසාර ලබාගැනීමේ පහසුව හා සුලබතාවය මෙන්ම එහා මෙහා ගෙනයාමට වඩා වැඩි අවස්තාවන් උදාවීම පමණක් නොව එකවර මද්‍යසාර සාන්ද්‍රණය 40% සහිත අරක්කු මිලිලීටර 180 ක් පමණ ප්‍රමාණයක් එකවර ශරීර ගත කරගැනීමට හැකිවීමත් මෙම ක්‍රමය මගින් අරක්කු භාවිතයට හුරුවූ අසරණ ජනයාට ඉඩ අවස්තාව සැලසේ .
එපමණක් නොව අරක්කු සැර බාල කිරීමට යොදා ගන්නා ද්රාවනයන් එක්කිරීමට ඇති අවස්තාවන් ගිලිහියාමෙන් සම්පුර්ණ ඇල්කොහොල් ප්‍රමාණයක් අඩුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද මෙමගින් සැලසෙයි . දැනට වෙළදපලේ ඇති මිලිලීටර 250 අරක්කු විදුරු බෝතල් පමණක් නොව මිලිලීටර 330 බියර් ටින්ද නිෂ්පාදනයට ඉදිරිපත් කිරීම තහනමට ලක්විය යුතු බවට සිංහලේ සංවිදානය විසින් මේ වනවිටත් වගකිවයුතු පාර්ශව වෙත දැනුම්වත් කර ඇත්තෙමු .
ඩප්පි අරක්කු හේතුවෙන් පාසල් දරුවන් අතර අරක්කු භාවිතය නිසැකයෙන්ම ඉහල යන අතර ක්‍රීඩා තරග තුල සිදුවන මද්‍යසාර ප්රචණ්ඩත්වය කෙරේ මෙම නිෂ්පාදනය නරක ආකාරයක බලපෑමක් එල්ල කරයි . ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත බිග් මැච් ආශ්‍රිතව මෙම නිෂ්පාදනය සීග්‍රයෙන් අලෙවිය සදහා ඉදිරිපත් කිරීමට කූට වෙළදුන් සියලු උපක්‍රම පිලිබදව මේ දිනවල සාකච්ඡා අරබා ඇත .
පාසල් දරුවන්ගේ කලිසම් සාකුවේ පහසුවෙන් රදවා ගත හැකි පරිදි මෙහි ඇසුරුම සම්පුර්ණයෙන් සකසා ඇති අතර විවිධ වර්ණ සහ රස ආශ්‍රිතව තාරුණ්‍යයේ කෙළිලොල් බව සමග මුසුකර වෙළද සන්නාම හා වර්ණ මේ සදහා යොදාගෙන ඇත . මේ නිෂ්පාදනය පිලිබදව බලධාරීන් මුනිවත රකිමින් ක්‍රියාකරන අකාරය දෙස අපි පිළිකුලෙන් යුතුව බලා සිටින අතර සංවිධානයක් ලෙස අදාළ නිෂ්පාදකයන් පිටුපස සිටින සමරේට කියා සිටින්නේ හැකිනම් අදාළ සැශේ ඩප්පිය වෙළද පලට නිකුත්කර පෙන්වන ලෙසයි.
සැ.යු – දේශපාලුවන්ගේ නම් ගම් ඉවත් කරන ලදි.
ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක