thrweel

කිව්. ආර්. කේතයන් මත තමන්ට සතියට ලබා දෙන පෙට්‍රල් ලීටර් 05 ප්‍රමාණවත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව  ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තමන්ට ත්‍රිරෝද රථ ධාවනය කරවිම සදහා සතියකට පෙට්‍රල් ලීටර් 05ක් ලබා දිමත් සමග තමන්ට නිසි ලෙස ත්‍රිරෝධ රථ ධාවනය කර විමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මෙම තත්වයන් මත තම ත්‍රිරෝද රථ සදහා ලබා ගෙන ඇති ණය සදහා නිසි ලෙස වාරික ගෙවිමට නොහැකි තත්වයක් මෙන්ම තම දරු පවුල් සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනිමටද නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.

මේ  පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කර තම ත්‍රිරෝද රථ සදහා සතියකට පෙට්‍රල් ලීටර් 10ක් හෝ ලබා දිමට පියවර ගන්නා ලෙස එම බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts