සිහින දකින සිහින දිනන තරුණ ඔබට සිහින නොවන සිහිනයට සිනහවක් ගෙන එන සුන්දර සිහින කතාවකි මේ.යකඩ වාහන නව ආරකින් සකස් කරන කම්මලක ගරාජයක යකඩ පිහාටු කතාන්දර සත්තකින්ම සිහින මෙන් සුන්දරය.මේ යකඩ සිහින දිනන කතාන්දරයයි.සිහින දිනන යකඩ සිහින කතාන්දරයේ කතා නායකයා සත්තකින්ම සුන්දර සිහින කුමරාවුයේ 27 හැවිරිදි මුදිත දෙහිගොල්ල (0779767127) නම් වු තරුණයාය.අංක 79,මින්තවෙල පාර,මහනුවර සුන්දර සිහින තිබෙන සිහින දකින පුරවරයේ හෙතෙම ජීවත් වේ.

හෙතම යකඩවලට පන්නරය දී යකඩ පිහාටු සවි ගන්නවා යකඩ සිහින වලට පන්නරය දෙන අපේ කාලයේ කාර්මිකයෙකි. කාලකරුවෙකි. අපේ කාලයේ අලුත් පරපුරේ සිහින දිනවන මහ මොලකරුවා ඔහුය.හෙතෙම රළු වු ගොරෝසු වු යකඩවලට සිහින පදම්කර ලස්සන,පියකරු බව මුසු කර,යකඩ සිහින පසු පස දිවයන කුමර කුමරියන්ට තරුණ තරුණියන්ට යකඩ සිහින දිනවන නව මානයකට මං විවර කරන අපේ කාලයේ සිහින කුමාරයාය යැයි,නම් කිරිම සිහිනයක් නම් නොවේ.

කලාවට,සංගීතයට,ගීතයට,තණුවට රිද්මයට හැදියාවක් දක්ෂතාවයක් ඇති මුදිත දෙහිගොල්ල නැත්නම් අපේ ආදරණිය මුදිතයා යකඩ සිහින දිනවන කතාන්දරය ගැන අප සමඟ මෙසේ කීය.

ඔබගේ වාහනය අලුත්,පරණ උනත් කමක් නෑ. යතුරු පැදිය අලුත් පරණ වුනත් කමක් නෑ.වාහන සිය ගණනකින් කැපී පෙනෙන වාහනයක්,යතුරු පැදි අතර එක් වරක් නොව දෙවරක්ම බලන්න,දකින්න ඇස රවටන,හදවත ඇදෙන වාහනයක හැඩය පෙනුම මම සකස් කර දෙනවා.වාහනයේ දොර අරින්න කොට සංගීත නාදයක්. වාහනයේ ගමන් කරන අයට මියුරු සංගිත නාදයක්.

වාහනය ඇතුලත මනරම් වෙනස්වන චිත්‍ර කලාවක් සිත්තම් කරන්නට හැකි නම් එය ද මා සකස් කරන වාහනයට ‍ගෙන දෙනවා.රෝදයේ සිට වාහනයේ වර්ණද වෙනසක් දකින බලන කොට යම් වෙනස් වූ පපෙනුමක්.

වාහනය එක ස්ථානයක සිට බලන විට එක හැඩයක් තවත් ස්ථානයක සිට බලන විට තවත් පෙනුමක් සියල්ලම අමුතුම තාක්ෂණික හැඩයට සකස් කර දෙනවා. සියල්ලම ඇස් රවටවන අපේ කාලයේ නවතම නිමාවක් වාහනයට, යතුරු පැදියට සකස් කර දීම තමයි මම සිදු කරන්නේ.

මේ සඳහා රටපුරා මහා ඉල්ලමක් තියනවා. විශාල පිරිසක් වාහන සිහිනයට සිනහවක් එක් කරන්නට මා හමුවන්නට එනවා. මාගේ අලුත්ම ගීතය අහන්නට දකින්නට හැකි යාවද මෙහි දී නොමිලයේම ලබා දෙනවා.

ලංකාවේ ප්‍රථම වාහන කලාව මේකයි.තාක්ෂණය සංගිතය චිත්‍රය,රසය මිහිරියාව සිත් ඇඳ ගන්නා වු නව නිපැයුමක් අලුත්,පරන වාහනවලට දී වාහනය සකස් කරනවා යැයි හෙතෙම කියයි.

ඇත්තටම අපේ කාලයේ තරුණයන් වාහනයක් ගන්න සිහින දකිනවා.ඒ සිහිනය නතු කර ගන්න කොතරම් වෙහෙසක් දරනවා ද යන්න යකඩ සිහින දකින තරුණයන් දන්නා වු සුන්දර රසම රස කතාවකි.සිහිනයට සිනහවක් එක් කරන්නට මම රට පුරා සිහින දකින යකඩ සිහින පසුපස හඹායන තරුණ පිරිස්වලට නව මානයක් දිසාන්තයක් සොයන්නට,සොයා දෙන්නට උපකාර කරන්නට,මඟ පෙන්වන්නට,ඉඩ හසර හස රැල්ලක් සේ එක්කර කටයුතු කරනවා.තමාගේ වාහනය ලස්සනට පියකරුව,හැඩට,රසයට,මිහිරියාවක්ද ඇතිව වාහනය සකස් කර ගන්න හැකි ආකාරය තුළින් යකඩ සිහින දිනවන කතාන්දරය මම ජනගත සමාජගත කර සිහින දිනන යකඩ සිහින කලාව හඳුන්වා දි තියනවා.මෙය ලංකාවේ සිදු කරන සකස් කරන පළමු කලාත්මක ආකාරයට වාහනය සකස් කර යසඩ සිහින දිනවන අන්දරයක් වෙනවා.

මම සිහින යකඩ දිනන කතාන්දරයට මුලින්ම එක්කරන්නේ වාහන සිහිනයක් තිබෙන තරුණ තරුණියන් එක්ක කතාකර යකඩ දිනන සිහිනයේ අවශ්‍යතාවය සොයා ගත්තා.ඊට පසුව,තමයි යකඩ සිහින දිනවන කතාන්දරයට පාර කියා දෙන්න මේ සත්කටයුත්ත සිදුකරන්නේ තරුණ තරුණියන්ගේ උවමනාව හැදිනගෙනයි.

දුක් මහන්සී වී කට්ට කාලා වාහනයක් ගන්න.ඒ වාහනයට නව නිමාවක් එක්ක, වාහනයක් හැඩය,පෙනුම මිහිරියාව ලස්සන සුන්දරත්වයක් එක්ක,අපට,අදට තරුණ සිතක සිහින දිනවන වාහනයක් දක්වා ගමන් කරන්නට හැකි තාක්ෂණික,කලාත්මක හැඩයක් ද අපේ කාලයේ තරුණයන් මිල දි ගන්නා වූ වාහනවලට ලබා දෙනවා.

තමාගේ වාහනයට නව පියකරු රසවිතක් සේ සකස් කර යකඩ සිහින දිනවන කතාව සිදුකරනවා.වාහනයට නව නිමාවක් කලාත්මකව ලබා දෙනවා.වාහනය නව ආකාරයට සකස්කර පියකරුව සකස්කර දෙනවා.එයට කලාව,සංගීතය,තාක්ෂණය සහිතව නිර්මානාත්මක නිර්මානයක් වාහනය සකස් කරනවා.මේ සුන්දර යකඩ සිහින පියාපත් කලාවට සහයෝගය දෙන්නට මහනුවර හා රට පුරා පිරිසක් අද වන විට මා සමඟ එක්ව සිටිනවා.

වාහන අමතර කොටස් අලෙවිකරන පිරිස්,මෝටර් වාහන සකස් කරන ගරාජ් කාර්මිකයන්,එක් කරගෙන,තුරුණ සිතට යකඩ සිහින දිනන පියා පත් කතාන්දරය දියත්කර තියෙන්නේ යැයි, හෙතෙම කීය.

කුඩා මුදලකට ගන්නා වු යකඩ සිහින යතුරු පැදිය.මෝටර් රථය,සිහින දකින සිහින කියන සිහින රසවත් කරන ආකාරයට වාහනය සකස්කර දී එයට පරිසරයේ රසය,සංගිතයේ රසමුසුවද එක් කරනා නවතම තාක්ෂණික,කලාත්මක,රසවිත,පිරිණු යකඩ පියාපත් සහිත යකඩ සිහින දිනවන වාහනයක් දක්වා සිහින දිනන තරුණ තරුණියන්ට ලබා දෙන්නට පියවර ගන්නවා.

ලංකාවේම නැති නම් ලෝකයේම මුල් වරට යකඩ සිහින දිනන කතාන්දරයට නවතම ගීතයක් එක් කළා.එය ද යකඩ සිහින දිනන්නට යන සියලුම තරුණ තරුණියන්ට මහා සේවාවක් වනවා.එය යකඩ සිහින දිනන අරගලයට නවතම පන්නරයක් වෙනවා.

රට පුරා මෙන්ම,මහනුවර මේ යකඩ සිහින දිනන කතාන්දරය පිළිබඳව විශාල තරුණ පිරිසක් අප සමඟ සිටිනවා.මේ අනුව,මම ලංකාවේ විවිධ වර්ගයේ වාහන යතුරුපැදි ආදිය එක්කරගෙන වාහනවල වැඩ්ඩෝ එක්ක නවතම ආකාරයේ වාහන ප්‍රදර්ශනයක් වැඩ මුළුවක් කලාත්මකව සකස් කලා.යකඩ සිහින දිනන කතාවට යම් ආරම්භයක් දෙන්නට මින් හැකි උනා.

ලංකාවේ පැරණි වාහනයේ සිට අද දක්වා අති නවීන පහසුකම් ඇති වාහන ප්‍රදර්ශනය තුළින් යකඩ සිහිනයට ප්‍රවේශ වන්නට මා පළමුව කටයුතු කළා.මෙය කිසිදු ව්‍යාපාරක හෝ ලාභය හෝ වෙනත් පටු අරමුනක් ඇතිව සිදු කලේ නැ.වාහනයක් ගන්න සිහිනයක් තියන අයට වාහනයක් ගෙන එය තවත් සිහිනයක් නොවන ආකාරයට සකස් කරගෙන සිහින දිගේ යකඩ සිහින දිනන ගමන දක්වා ගමන් කරන්නට මුලික පියවර මෙහි දී අප ලබා දුන්නා.මේ යකඩ සිහින දිනන වාහන ප්‍රදර්ශනයට දහස් ගණනක් වු රටපුරා සිටින තරුණ තරුණියන් වාහනවල ආදරය කරන පිරිස් විශාල පිරිසක් එක්ව සිටියා එය සාර්ථකයි.

තමා තමා අහිංසකව උපයා සපයා ගත්තා වු මුදලකින් වාහනයක් ලෙස වාහනය යකඩ සිහිනය ජය ගන්නට මාන බලන පෙරුම් පුරන,සිහින තියන සිහින කුමර කුමරියන්ට මෙය අලුත් වැඩක් වෙනවා.රටපුරා යකඩ සිහින පසුපස දුවන පිරිස්වලට මේ වැඩසටහන හැම අතින්ම රුකුලක් වෙනවා. පදනමක්,ශක්තියක් වෙනවා.යකඩ සිහින දිනන කතාන්දරයට නව පැහැදිලි ආරම්භයක් ගෙන දෙන්නට හැකි මේ යකඩ සිහින පියාපත් තරුණ ඔබට අරුණ ගෙනෙන,නවතම වැඩ සටහන ලංකාවේ යකඩ සිහින දිනවන අපේ කාලයේ තාරුණයේ හඩ මුසුව ලෙස පෙන්වා දිය හැකියි.

යකඩ සිහින දිනවන කතාන්දරයේ නවතම යකඩ සිහින දිනන පියාපත් ගීතය ද මේ ගමනට රටේම තරුණ තරුණියන්ට ආරම්භක පියවර තබන්නට හැකියාව තියනවා.

යකඩ හදන කපන මළකඩ සූරන,ඇන මුරිච්චි සවිකරන,පින්තාරු කරන,යකඩ සමඟ ඔට්ටුවන කම්මලක ගරාජයක සියලුම උපකරනවල හඩ මුසුව මාගේ නවතම ගීතයක සංගිත මුසුවට එක්කළ ලොව සිදු කළ ප්‍රථම ගීතය තමයි යකඩ සිහින දිනවන ගීතය.

මෙය අද හෙටම ජනගත කරන්නේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ක මහනුවර සුන්දර සිහින දකින සිහින දිනන පුරවරයේ දීය.

මේ සඳහා මා එක්ක සංජුල හිමාල,කයිසර් කයිස්,සනි ඉන්සෙන් යකඩ සිහින දිනන රැෆ් ගීතයට දායකත්වය දුන්නා.සඳ කුමරිය සිත්තම් කල මගේ යකඩ සිහින හීනය හදවතේ සටහන් කර ගත්හ.හද ගැස්සෙන හිත ඉල්ලන සිහින දිනන කුමාරියේ මා ඇත්තටම ආදරෙයි.

තුරුණු සිහින ආදර රෑෆ් ගීතයක හඩ මුසුව ඈතින් ඇසේ.සිහින යකඩ දිනන සිනහවකින් මුදිතයා නැතිනම් අපේ කතාන්දරයේ කතා නායකයා සකස්කර දුන් මාගේ මෝටර් රථයෙන් මා මහනුවර මන්දාරම් අහස යටින් දිවෙන සුන්දර මාවතෙන් ඉදිරියට ගමන් කරමින් සිටියේ ය.මා පදවන සිහින යකඩ දිනු වාහනයේ ඉදිරිපස අසුන හිස් ය.එහි රුවැති සිහින දිනන රුවැත්තියක් සිටියේ නම් අගනේ ය.

සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

Similar Posts