අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන මෙහෙයුම් කාර්යාලයක් හැටන් නගරයේදි 29වන දින විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ රටේ රථ වාහකන හිමියන් ලක්ෂ හැත්තැවක් පමන පසු ගිය කාලයේ තම රථ වාහකනවලට අවශ්‍ය ඉන්ද නැතිව කොයි තරම් දුකකක් වින්දද එදා තෙල් ගහන්න පැය ගනන් පොලිම් වල හිටි එම අය දන්නවා එදා ඔවුන් විදි දුක් එත් අද එම තත්වය වෙනස් වෙලා ඔවුන්ට අවශ්‍ය ඉන්දන අවශ්‍ය ප්‍රමානයට අවශ්‍ය තැනකදි ලබා ගන්න පුලුවන් එම නිසායි මම මුලීන් කිවේ එදා විදි දුක් මතක තියෙන රථ වාහන හිමියන් ලක්ෂ තිහක් ඔවුන්ගේ පවුලේ තව එක් ඡන්දයක් සමග රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් ලැබෙනවා කියලා.
අද ජාතික ජන බල වේගයත් සජිත් ප්‍රේමදාස මහතාත් පවසනවා අපිට රට බාර දෙන්න අපි මේ රටට මෙහෙම කරනවා අරහේම කරනවා කියලා එදා මේ රට වැටිච්ච අවස්ථාවේ මේ අයට ‍මේ රට බාර ගන්න කියපු වේලාවේ ඇයි මේ අය මේ රට බාර ගත්තේ නැත්තේ එදා මේ අය විවිධ කොන්දේසි දමමින් පැනලා යන විට කිසිම කොන්දේසියක් නැතිව විවිධ අභියෝග හමුවේ රනිල් වික්‍රමසිහ මහකා මේ රට බාර ගත්තා.
එදා කඩා වැටුන ආර්ථිකයක් එක්ක බාර ගත්ත මේ රට අද මේ තත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතයි අද එය ජාතික ජන බල වේගයේ සමහර පිරිස්ද මෙය දන්නවා ඒ නිසායි ජාතික ජන බල වේගයෙන් පසුගිය පලාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තරග කල තුෂාර රාජපක්ෂ වැනි අය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාපති සටනට සහය දෙන්න එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටින්නේ.
කොත්මලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක අශෝක හේරත් මහතා අද මේ රටේ ජනතාව රනිල් දිනවන්න කටයුතු කරමින් ඉන්නේ අද බලන්න සජිත් සජිත්ට අද වේදිකාවක් නැතිව ඉස්කෝලවලට ගිහින් මොනවාදෝ කියවනවා මේ සදහා මුදල් එන විදියත් සරත් පෝන්සේකා මහතා කියලා තිබුනා.
රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටට සේවයක් කරන්න නිසි අවස්ථාවක් ලැබුනේ නැහැ 2005 අගමැති වන විට ජනාධිපති චන්ද්‍රිකා එදා චන්ද්‍රිකා රනිල්ගේ කකුලෙන් ඇද්දා පසුව 2015 රනිල් අගමැති වන විට මෛත්‍රිපාල ජනාධිපති ඔහුත් වැඩක් කරන්න දුන්නේ නැහැ කකුලෙන් ඇද්දා පසුව ගෝටාභයගෙන් පසුව කඩා වැටුන ආර්ථිකයක් සමග මේ රට බාර ගත්ත රනිල් මේ වන විට මේ රට මේ තරමින් හෝ ගොඩය ගෙන තියෙනවා.
2020 වර්ෂයේ නවින් දිසානායක සමග ඇතිවුන ප්‍රශ්නයක් මත මමත් සමගි ජන බලවේගයට ගියා එත් පසුව එතන ඇතිවු කලකිරිම් මත මම නැවත එක්සත් ජාතික පක්ෂයට ආවා පියදාස මහතාගේ නායකත්වය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය දිනවිමස සදහා.
අද සජිත් කියනවා රනිල් රාජපක්ෂ ආන්ඩුව කියලා එත් පොහොට්ටුවේ ජි. එල්. ඩලස් වගේ අය ඉන්නේ කොහේද සජිත් සමග නොවෙයිද රාජපක්ෂලා සමග හිටිය ඒ අය සජිත්ට හොදයිද.
මෙහිදි කතා කල ජාතික ජන බලවේගයේන් පසුගිය පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක තුෂාර රාජපක්ෂ මහතා අද ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන අයට කිසිම ආරක්ෂාවක් නැහැ එම නිසා බොහෝ පිරිසක් හිරවෙලා ඉන්නේ මම නුවරඑළියට ඉල්ලවිට කියපු දෙයක් තමයි දිනලා පැන්නෝත් කරන්නේ මොනවාද කියලා එය තමයි ජනතා විමුක්ති පෙරමුණේ හයවන පංතිය ජනතා විමුක්ති පෙරමුණේ පංති පහක් කිවට එහි පංති හයක් තියෙනවා.
මම එක්සත් ජාතික පක්ෂයට එන්න කතා කරන විට මට තිබුන ප්‍රශ්නය තමයි නිසි ආරක්ෂාව එය නිසි ලෙස ලබා දෙන බව පියදාස මහතාත් අශෝක මහතා පවසලා මාව එක්ක ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලගටයි.
අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද ඒ වෙන කවුරුවත් නොවෙයි රනිල් වික්‍රමසිංහ මහතා පමනයි එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙයත් සමග පුස්ථකාලයත් ගිනි තැබුවා එදා ඔහු කිව්වේ මොකක්ද මගේ පුස්ථකාලය ගිනි තිබ්බට මගේ උගත් කම තියෙන්නේ ඔලුවේ කියලායි එහෙම කෙනෙක් පරදින්න ඡන්දය ඉල්ලයිද නැහැ ඔහු තමයි මෙවර ජනාධිපතිවරණයෙන් දිනන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts