පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ ජල ගැලිම් හා පස් කදු කඩා වැටිමෙන් පවුල් පහක් අවතැන්ව ඇති බව හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සුරේෂ් මහතා පවසන ලද්දේ හැටන් සාත්තු නිවාස මාර්ගයේ ජල ගැලිම් හේතුවෙන් නිවාස තුනකට හානි සිදුව ඇති බවත් හැටන් ගාමිණි පුර ප්‍රදේශය් පස් කදු කඩා වැටිමෙන් නිවාස දෙකකට අර්ධ හානි සිදුව ඇති බවත්ය.

මෙසේ අවතැන්වු පිරිස් මේ වන විට ඔවුන්ගේ ඥති නිවාසවල සිටින බවත් එම පිරිස සදහා මුලීක වශයෙන් පිසු ආහාර ලබා දිමට පියවර ගෙන ඇති බවද සුරේෂ් මහතා තව දුරටත් පැවසිය.

හැටන් සමනල ගම ප්‍රදේශයේ පස් කන්දක නාය යාම තව දුරටත් ශක්‍රිය විමත් සමග ඒ අසල නිවසක හා එයට පහලින් පවතින වෙළද සැල් තුනක පිරිස් ඉවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් සමනල ගම නිවසක් අසල පස් කන්දක් 01වන දින නාය යාමකට ලක්වු බවත් එම නාය යාම මේ වන විට තව දුරටත් ශක්‍රිය වෙමින් පවතින බවත්ය.

එම තත්වයන් මත එසේ නාය යාමට ලක්වු පස් කන්ද අසල නිවෙසියන්ට එම නිවසින් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත් එයට පහලින් පවතින හැටන් එම්. ආර්.නගරයේ වෙළදසැල් තුනක් වසා දැමිමට පියවර ගත් බවත්ය.

මෙයට වසර කිපයකට පෙර මෙම නාය යාමට ලක්වු ස්ථානය අසල නිවාසහිමියන් ඇතුළු තවත් නිවාස කිපයක පුද්ගලයන්ට එම ස්ථානවලින් ඉවත් වන ලෙස දන්වා එම පිරිසට හැටන් රුවන් පුර ප්‍රදේශයෙන් ඉඩම් ලබා දිමට සැලසුම් කලත් එම නිවැසියන් එම ස්ථානවලින් ඉවත් නොවි සිටින බවද සඩයන් බාලචන්ද්‍රන් මහතා තවදුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories