අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වයන් පිලිබදව බලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ක්‍රමයෙන් ගොඩ නගමින් සිටින බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති පි. ප්‍රදිපන් මහතා පවසයි.

හැටන් නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙයට වසරකට පමන පෙරදි මේ රටේ පැවති දැඩි ආර්ථික අර්බුදයන් මත පැවති ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදු ආදිය හේතුයෙවන් මේ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් විමත් සමග මේ රටේ ජනතාව විදි බැසිම තුලින් දැවැන්ත අරගලයක් ආරම්භ වුනා.

එහි ප්‍රථිපලයක් ලෙස මේ රටේ සාමය කඩා වැටි විවිධ ප්‍රචන්ඩ ක්‍රියාකාරකම් නිර්මානය විමත් සමග රට තුල බිහිසුනු තත්වයන් ඇතිවිමත් සමග මේ රටේ හිටපු අගමැති ජනාධිපති සිය තනතුරු අත් හැරිමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා මුලින් අගමැති පදවියටත් පසුව වැඩ බලන ජනාධිපති තනතුරටත් පසුව පාර්ලීමේන්තුවේ බහුතර මතය මත විධායක ජනාධිපති පදවියටත් පත්වුනා.

ඔහු වැඩ බලන ජනාධිපති ලෙස මුලින්ම මේ රටෙ තුල පැවැති ප්‍රචන්ඩත්වය මැඩ පවත්වා සාමය ආරක්ෂා කිරිමට පියවර ගත් අතර විධායක ජනාධිපති පදවියට පත් විමෙන් පසුව විදේශිය රටවලද සහාය ලබා ගෙන මේ රටේ කඩා වැටෙමින් තිබු ආර්ථිකයට නගා සිටුවිමට පියවර ගැනිමත් සමග මේ රට තුල තිබු ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරි පිටි පෝලිම්, මෙන්ම විදුලි කප්පාදුවන්ද ක්‍රමයෙන් නැතිවන තත්වයන්ට පත් වුනා.

එහි ප්‍රථිපලයන් ලෙස මේ වන විට ක්‍රමයෙන් ගෑස් මිලද අඩු වෙමින් පවතින අතර ජනතාවගේ එදි නේදා අවශ්‍යතාවයන් කර ගෙන යාමට හැකි වතාවරනයක් මේ රට තුල නිර්මානය වෙමින් පවතිනවා.

මෙයට ප්‍රධානතම හේතුව තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුල පවතින දුර දක්නා නුවන මෙන් එතුමා තුල පවතින ජාත්‍යන්ත්‍රර සබදතා මත රටක් පාලනය කිරිමට හැකි විම.

එදා කඩා වැටෙමින් තිබු මේ රටේ පාලනය බාර ගැනිමට සමහර පක්ෂ නායකයන් බිය වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු බියකින් තොරව මේ රට බාර ගෙන මේ රටේ ජනතාවට ජිවත් විය හැකි තත්වයක් උදාකර දිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories