ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය  ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ සඳහා ඉදිරිපත් වන ලෙසද දන්වා තිබේ.

1889 අප්‍රියෙල් 20 වන දින හිට්ලර් උපත ලැබූ ජර්මනියේ මායිමේ පිහිටි උතුරු නගරය වන බ්‍රෝනෝ ඉමෙන්  පිහිටි  නිවස 2016 දී රජයේ පාලනයට නතු විය.

එහෙත් ගොඩනැගිල්ලේ ඉරණම ශතවර්ෂයකට ආසන්න කාලයක් නිවස අයිති කර ගත් ජර්ලින්ඩේ පොමර්ගේ පවුල සමඟ දීර්ඝ ලෙස නෛතික සටනකට භාජනය විය. එය අවසන් වූයේ පොමර්ට ලැබිය යුතු වන්දි මුදල සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය තීන්දු කළ විට පමණි.

මේ වසර මුලදී ඔස්ට්‍රියාවේ ඉහළම අධිකරණය තීන්දු කළේ පොමර්ට ඩොලර් 810,000 (ඩොලර් 900,000) ක වන්දි මුදලක් හිමිවිය යුතු බවයි.

“මෙම ගොඩනැගිල්ල කිසි විටෙකත් නාසිවාදය සිහිපත් කිරීමට සුදුසු ස්ථානයක් නොවන බවට පැහැදිලි බවත් ඉදිරියේදි මෙය  පොලිසිය විසින් භාවිතා කරනු ඇත” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වුල්ෆ්ගැන්ග් පෙස්චෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලබන වසරේ මුල් භාගයේදී හොඳම නිර්මාණය පිළිබඳ තීරණයක් ගැනීමට නගරයේ නියෝජිතයෙකු ඇතුළු විශේෂ පුද්ගලයින්ගේ ජූරි සභාවක්  සමඟ යුරෝපා සංගමයේ පුළුල් ගෘහ නිර්මාණ තරඟයක් මේ මාසයේ දී දියත් කෙරේ.

සෑම වසරකම හිට්ලර්ගේ උපන්දිනය දා ෆැසිස්ට් විරෝධී විරෝධතාකරුවෝ ගොඩනැගිල්ලෙන් පිටත රැළියක් සංවිධානය කරති.

Similar Posts