ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිඛෙනවා.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ දුඹුරු සීනි බවද වාර්තා වනවා.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදන වැටලීම සඳහා පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක්ද දියත් කර තිඛෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අප්‍රේල් මස පළමු වැනිදා සිට 28 වැනි දින දක්වා නීති විරෝධී මත්පැන් නිෂ්පාදන සහ මත්ද්‍රව්‍ය වැටලීම් 1022ක් සිදුකර ඇති බවයි.

More Stories