ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බවත් එසේ දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන දුම්රිය සේවකයන් සේවය හැරගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
හැටන් දුම්රිය ස්ථානයට අයත් භුමිය තුල රුපියල් මිලියන හාර සියයක ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්ථමේන්තුවේ ආදායම් උපයා ගැනිම සම්බන්දව 20වන දින හැටන් දුම්රිය ස්ථානයේ නිරික්ෂන චාරිකාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට දුම්රිය සේවය අත්‍යවසය සේවයක් බවට පත් කරලායි තියෙන්නේ එම තත්වයන් මත ඉදිරියේදි දුම්රිය වර්ජන ඇති වන්නේ නැහැ මෙයට අවනත නොවි දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන පිරිස් සේවය අත් හැර ගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නවා.
දුම්රිය කේෂත්‍රයේ යම් ගැටලු පවතිනවානම් එය සකච්චා කර විසදාගත යුතුයි එසේ නැතිව ජනතාව ප්‍රිඩාවට පත් කරමින් වර්ජන කලහොත් සේවය අත් හැර ගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නවා ලංකාවේ නිතියට ගරු නොකිරිම මත රටක පවතින නිතියට සියලුම දෙනා ගරු කල යුතුයි එහෙම නැතිව රාජ්‍ය සේවය කරන්න බැහැ.
ලෝකයේ අනිකුත් රටවල් සමග සකච්චා කරලා පැරිස් ඒකාභද්ධ ආධාර කණ්ඩායම ජපානය, ඉංදියාව, චිනය වගේ රටවල් සමග ණය ආපසු ගෙවිමේ ගිවිසුමකට එලඹ තියෙනවා එම නිසා දැන් ණය සහන මත නතර වෙලා තියෙන ව්‍යාපෘති ආරම්භ කරන්න පුලුවන් වෙලා තියෙනවා.
අද සුරුට්ටු කඩයක්වත් කරපු නැති අයට කියන්න පුලුවන් මම ඇවිල්ලා අරක කරනවා මේක කරනවා කියලා ඒ වගේම සමහර දේශපාලකයන් කියන විදියට ප්‍රාතිහාර පාන්නත් බැහැ එහෙම කරන්න මුදල් නැහැ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts