බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

“අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ අදහස් හා විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට අරගෙන උන්වහන්සේලා යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපනය කිරීම තමයි අවශ්‍ය වෙන්නෙ.

අපෙ පළමු පියවර ආයුර්වේද සහ දේශීය වෙදකමට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙරට තුළම නිෂ්පාදනය කිරීමේ ඔසු ගම්මාන 1000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල. ඒ වගේම ග්‍රාමීය ජනතාවට ආදායමක් ලැබෙන පරිදි මෙරට නිපදවන මෙරටට වැවෙන සියලු පැලෑටි අපිම වවමු කියන අදහස තමයි අපි දරන්නේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) රාජ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

More Stories