කුඹුරු  වැඩට පෙර  මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ  කළුතර දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් ඉල්ලති .

සෑම වසරකම කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින්  වාර්තාවන බැවින් එ් පිළිබඳ    අවධානයෙන්  කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ  ජනතාවගෙන් ඉල්ලති .

කුඔුරු  සහ  කුඔුරු ආශ්‍රිත  කටයුතු  වලදි මෙන්ම ජලාශ ,  මං මාවත් පවිත්‍ර  කටයුතු , කුඔුරු  හෝ එවැනි ස්ථානවල ක්‍රීඩා  කිරීම,  කුඔුරු  ආශ්‍රිත  ඇළ ,දොළ  වල දිය නෑම ආදියේ දි ප්‍රවෙිශමි විය යුතු  බවද සෞඛ්‍ය වෛද්‍ය  අංශ  පෙන්වා දෙයි.

විශේෂයෙන්ම  ගොවිතැන් කටයුතු වලට පෙර ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක  මහතා  හමුවී මෙම ඹෟෂධ  නොමිලයේ  ලබාගන හැකි අතර අවශ්‍ය  උපදෙස්  ලබාගැනීමට  ද හැකිය.

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

More Stories