mannapahara

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවු බහින්බස්වීමක් නිසා පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහරදි බරපතල තුවාල සිදුකළ කෘෂිකර්ම පර්යේෂන නිලධාරියෙකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර ගල්කුලම ප්‍රධනා මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවු ආරවුලක් නිසා නිවසක අළුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවරදි පුද්ගලයෙකු මන්නා පිහිප්‍රහාරයට ලක්වි ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනා බව පොලිසිය පවසයි.

සැකකාර කෘෂිකර්ම පර්යේෂන නිලධාරියා විසින් පසුගියදා රාත්‍රීයේ දරුණු මන්නා පිහිප්‍රහාරය එල්ලකර තිබෙනා බවත් ප්‍රහාරයට ලක්වු පුද්ගලයා කිසිවෙකුත් නොමැති නිවසේ මිදුලේ වැටි කෙදිරිගාමින් සිටියදි මාර්ගයෙන් ගමන් කළ පුද්ගලයෙකුට කෙදිරිලි හඩ ඇසි විපරම්කර බලද්දි තුවාලකරු හමුව ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව වහාම ඔහුව රෝහල් ගතකිරීමට එම පුද්ගලයා කටයුතු කර තිබෙනා අතර ප්‍රහාරය සිදුකර සැගවි සිටි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ප්‍රහාරය එල්ල කළ මන්නා පිහිය සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදි 39 හැවරදි පුද්ගලයා සමග සවස මත්පැන් සාජ්ජයක් පැවත්වු බවත් පසුව බහින්බස්වි පොර ඇල්ලු බවත් පවසා තිබුණි.නිවසටවි රාත්‍රී ආහාරය ගනින්දි ඔහුට පහරදිය යුතු බව සිති මන්නා පිහිය රැගෙන තුවාල කරු සිටි නිවසට ගොස් ප්‍රහාරය එල්ල කර නිවසට පැමිණ ලේ තැවරුණු පිහිය සොදා දැමු බවත් පොලිසියට පවසා තිබුණි.

සැකකරු එල්ල කළ ප්‍රහාරය නිසා තුවාලකරුගේ හිසට අත්පා ඇතුළු ශරිරයේ ස්ථාන රැසකට දරුණු තුවාල සිදුව තිබෙනා බවත් ඔහු නිදාසිටි ඇදටත් දරුණු මන්නා පිහිප්‍රහාර කිහිපයක් වැදි තිබු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් 53 හැවරදි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාව ඊයේ (8දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශය මගින් පරික්ෂණ සිදුකරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts