ගිනිගත්හේන ආගාරඔය ප්‍රදේශයේ සැරි සරන කොටියකු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත් විමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ දැනට සති දෙකක පමන කාලයක සිට මෙම ප්‍රදේශය තුල කොටියක් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම කොටියා පිලිබදව වනජිවි නිලධාරින්ට දැන්වු බවත් එහෙත් මේ වන තෙක් එම කොටියා අල්ලාගෙන යාමට එම නිලධාරින් පියවර ගෙන නොමැති බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් හේතුවෙන් දැනට සති දෙකක පමන කාලයක සිටම තම කුඩා තේවතුවල දළු කැඩිමට හෝ නොහැකි තත්වයක් පවතින බවත් මෙම කොටියාගෙන් තම ජිවිතවලට යම් කිසි අනතුරක් සිදු විමට පෙර මෙම කොටියා අල්ලාගෙන යාමට පියවර ගන්නා ලෙස අදාල නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම ජනතාව වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts