කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබාදීමට ලෝක නායකයන් පොරොන්දු වී තිබේ.

යුරෝපා සංගමය යූරෝ බිලියනයක් සහ නෝර්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් බිලියනයක් පිරිනැමීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්‍ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසකම නායකයන් මේ සඳහා මූල්‍ය දායකත්වය පිරිනැමීමට එකඟ වී තිබුණි.

කොවිඩ් වෛරස වසංගතය පරාජය කිරීම සඳහා ලොව සියළුම දෙනා එක්ව කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

More Stories