දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.

දිස්ත්‍රික් ලේකම්වරු සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඊට සිය ප්‍රසාදයද පළ කළා.

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින අතර, ආර්ථික වශයෙන් ශක්තිමත්වීම රජයේ අරමුණයි.

ඒ සඳහා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දී දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමේ දේශීයත්වයට ආවේණික කර්මාන්ත මෙන්ම සෙසු නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා.

ඒ සඳහා ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු අතර ඔවුන්ට පුර්ණ සහාය රජයක් ලෙස ලබාදිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වධාරණය කළේ.

More Stories