නව කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලු ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම ඓතිහාසික මිහින්තලා පුද බිමේ උඩ මළුවේ දී සිදු කෙරිණි.

විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.

මේ සඳහා මහා සංඝරත්නය, චීන දූත පිරිසක් හා මිහින්තලේ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.

More Stories