ලොව පුරා මෙන්ම අප රට තුළද පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් එය වළකාගැනීම සඳහා සියලූ බලවේගයන් පෙරටවිත් ඒ සඳහා කි‍්‍රයාත්මක වෙමින් ඇත.

එසේම ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් පවතින තත්වයක් තුළ වුවද අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් සඳහා රටේ වැඩකරන ජනතාවගේ සේවය ලබාදී ඇත. ඒ අනුව රෝහල්, විදුලිබල, ජල සම්පාදන, බැංකු, වරාය, ප‍්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් කි‍්‍රයාත්මක වෙමින් සිටී.

මෙම අත්‍යවශ්‍ය සේවාවන්වල නිරතව සිටින වැඩකරන ජනතාව හට මෙම වෛරස අවධානමෙන් මිදීම සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ ලබාදීම වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වැඩපිළිවෙලක් මේ මොහොතේදී අරඹා ඇත.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය උපකරණ සේවයේ නිරත ඔබ හට නොලැබී ඇත්නම් හො වෙනත් ගැටළු ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා අපව දැනුවත් කරන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

මහින්ද ජයසිංහ        – 0718297022 / 0777685038
වසන්ත සමරසිංහ      – 0773029004
ජානක අධිකාරි         – 0773083275
චන්දන සූරියආරච්චි   – 0718178268


ලාල් කාන්ත
සභාපති – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

More Stories