කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු නුවරඑළිය ගැල්වේස්ලැන්ඩ් වන උද්‍යානය 22වන සදුදා සිට මහ ජනතාවට විවෘත කිරිමට පියවර ගන්න බව එම උද්‍යානයේ බාරකරු වන එම්. ජි. විමලරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතයත් සමග පසු ගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබු දිවයිනේ සියලු සත්තවෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන සහා සංරක්ෂන උද්‍යාන නැවත විවෘ කිරිමට රජය විසින් ගෙන ඇති තිරණයන් අනුව මෙම උද්‍යානයද විවෘත කිරිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

මෙම උද්‍යානය නැවත විවෘත කිරිමේදි දෙශීය හා විදේශීය සංචාරකයන්ට සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුව උද්‍යානයේ සංචාරය කිරිමට හැකි බවත් එයට අදාල පහසුකම් උද්‍යානය තුල සම්පාදනය කර ඇති බවත් එම්. ජි. විමලරත්න මහතා වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories