හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ සේවය කරන ගුරුවරියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග එම ගුරුවරියගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති එම විදුහලේ 09වන ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් කිප දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසන ලද්දේ මෙම ගුරුවරිය තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම ගුරුවරිය වෙනත් රෝගයක් සදහා ප්‍රථිකාර ගැනිම සදහා නුවරඑළිය මුලීක රෝහලට ගොස් ඇති බවත් එහිදි කරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදි මෙම අය කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගෙන ඇති බවත්ය.

එම තත්වයන් මත මෙම ගුරුවරිය ඉගැන්විම් කටයුතු සදහා පැමිනි හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ නවවන ශ්‍රේණ්යේ සිසුන් හා එම ගුරුවරිය ඇසුරු කල එම විදුහලේ ගුරුවරුන් පිරිසක් 25වන දින ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොවිඩ් වසංගතය හමුවේ මුඛ ආවරණ පැලදිම පිලිබදව හැටන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් මුලස්ථාන පොලිසිය මගින් 26වන දින සිදු කරන ලදි.

මෙහිදි මුඛ ආවරණ නිසි ලෙස පැලදිමකින් තොරව නගරයට පැමිනි පුද්ගලයන් දැනුවත් කිරිමටත් මුඛ ආවරණ නොමැතිව පැමිනි අයට මුඛ ආවරණ ලබා දිමටත් පොලිස් නිලධාරින් විසින් පියවර ගන්නා ලදි.

මෙහිදි මෙම වැඩ සටහනට එක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම උපදෙස් ලබා දිමෙන් අනතුරුව මුඛ ආවරණ නිසි ලෙස පැලදිමකින් තොරව නගරයේ සැරි සරන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories