ගුරු විදුහල්පතිවරුන් පිරිසක් 26වන දින ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් කිපයකම අධ්‍යාපන කටයුතු අඩාල විය.
හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික, වතු, හා ග්‍රාමිය පාසල් රාශියකම ගුරු විදුහල්පතිවරුන් මෙසේ ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් මෙම කලාපයේ විදුහල් වෙත පැමිනි බොහෝ සිසුන්ට නැවත නිවෙස් බලා යාමට සිදුව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු පාසල් සිසුන්ගේ දෙමාපියන් කිප දෙනකුම පවසන ලද්දේ තම දරුවන් පාසල් වෙත රැගෙන ආවද ගුරුවරුන් නොමැති නිසා තම දරුවන් නැවත නිවෙස් වෙත රැගෙන යාමට තමන්ට සිදුවු බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන විමසිම්වලදි අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාපයේ නිලධාරියකු පවසන ලද්දේ 26වන දින ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමිමත් සමග මෙම කලාපයේ බොහෝ විදුහල්වල අධ්‍යාපන කටයුතු ඇන හිටි බවත්ය.

දික්ඔය – එස්. එම්. ඩි. රජිත

Similar Posts