වතු කරයේ ප්‍රබල වෘත්තිය සමිති නායකයකු ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රස් නායකව හා ප්‍රජා සවි බල ගැන්විම් වතු යටිතල පහසුකම් ඇමති ලෙස කටයුතු කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය වතු කරයට පමනක් නොව නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළු මධ්‍යම පලාතට විශාල පාඩුවක් බව මධ්‍යම පලාත් හිටපු මන්ත්‍රිවරයකු වන ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා පවසයි.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වන රණසිංහ මහතා ආරුමුගන් තොණ්ඩමන් මහතා වතු කරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්යට මෙන්ම මධ්‍යම පලාතට විශාල සේවයක් කල අයෙක් ඔහු වතුකර ජනතාවගේ සැබැ නායකයෙක්.

ඔහු වතු කරයට පමනක් නොව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාති ආගම් භේදයෙන් තොරව කටයුතු කල අයෙක් එතුමා හිංදු කොවිල් මෙන්ම බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල නවිකරන කටයුතු සදහා ප්‍රතිපාදන මුදල් වෙන් කරමින් එම ආගමික ස්ථාන නගා සිටුවිමට කටයුතු කල අයෙක්.

පසු ගිය කාලයන් තුලදි මධ්‍යම පලාත තුල විවිධ සංවර්ධන කටයුතු සදහා ඔහුගේ නාකයත්වය දරණ ලංකා කම්කරු කොංග්‍රයේන් මධ්‍යම පලාත් සභාවට පත්වු නියෝජිතයන් මගින් විශාල දායකත්වයන් දැරිම අමතක කල නොහැක්කක්.

වතු කම්කරු ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටු විමටත් ඔවුන්ගේ දෛනික වැටුප් වැඩි කිරිමටත් එම ජනතාවගේ නිවාස ප්‍රශ්න විසදිමටත් විශාල කැප කිරිමක් කල උදාර කම්කරු නායකයක් ලෙසත් හදුන්වන්න පුලුවන් ඔහුගේ හදිසි අභාවය වතු කම්කරු ජනතාවට පමනක් නොව නුවරඑළිය දිස්ත්‍රික්කයට මෙන්ම මධ්‍යම පලාතටද දැරිය නොහැකි විශාල පාඩුවක්.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories