විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය.
මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී එලෙස සිදුකළ සාර්ථක වූ ප්‍රථම සැත්කම ද මෙය විය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එය සිදු කර තිබේ.
නමුත්, මොළය මියගිය පුද්ගලයකුගෙන් ලබා ගත් අවයව කොටස් දෙකක් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියකුට බද්ධ කර නැවත ජීවිතය ලබා දීමේ සුවිශේෂී සැත්කමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරිණි.කුරුණෑගල මලියදේව බාලිකා විද්යාලයේ උසස් පෙළ හදාරමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියගේ හදවත සහ පෙනහළු එලෙස බද්ද කෙරුණි.
ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කෙරුණු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්ය වීමෙන් අසාධ්ය තත්ත්වයේ පසුවු නිර්වින්දන විශේෂඥ වෛද්යවරියකට වීම තවත් විශේෂත්වයක් වේ.
විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පාය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණි.
මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබේ.
ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව අනාවරණය වුණි.
මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.
මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.
විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්ය තත්ත්වයකින් පසුවේ.

More Stories