දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය තමයි මේ සොභාධර්මය මේ සොභා ධර්මය නැතිනම් අපිට ජිවත් වෙන්න බැහැ එම නිසා අපි නිරන්තරයෙන් මේ සොභාධර්මය රැක ගැනිමට පියවර ගත යුතු බව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක හා හැටන් මිසම් පාලක පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි.


හැටන් පැන්මුර් ප්‍රදේශයේ පැවති රුක් රෝපන වැඩ සටහනකට එක්වෙමින් මේ බව පැවසු නියුමන් පිරිස් පියතුමන් එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අද අපේ සමහර පිරිස් මේ සොභා ධර්මය විනාශ කිරිමට පියවර ගනිමින් සිටිනවා ගස් කපමින් කැලැ විනාශ කරමින් හැම තැනම කසල දමමින් ජලාශවලට කසල දමමින් සිදුකරන විනාශය කොපමනද.
මේ සොබා දහම පවතින නිසායි අපිට හුස්ම ගන්න හැකියාව තියෙන්නේ මතකනේ කොරෝනා කාලේ සමහර රටවල අයට ජිවත් වෙන්න ඔක්සිජන් නැතිව සල්ලි දිලා ඔක්සිජින් ගත්ත හැටි අපිටත් එහෙම ජිවත් වෙන්න ඕනද අපිට මේ සොභා ධර්මය තුලින් කොයිතරම් හොදට නිකම්ම ඔක්සිජන් ගන්න පුලුවන් නේද එහෙම නම් අපි කල යුත්තේ මේ සොභා ධර්මය රැක ගැනිමයි.
ඒ සදහා අපි කල යුත්තේ කුමක්ද මේ පරිසරය අපි හොදින් රැක ගැනිමට පියවර ගත යුතුයි අප රටේ මේ වන විට ජනගහනය කෝටි දෙකක් පමන ඉන්නවා මේ කෝටි දෙකක ජනතාව එක පැලයක් රෝපනය කලත් පැල කෝටි දෙකක් ගස් කෝටි දෙකක් බවට පත් වෙනවා නේද.
එත් අද සිදුවෙන්නේ මොකක්ද පැල සිටුවනවා වෙනුට කවුරු හරි හිටවන පැල ගස් බවට පත්වුනායි පසු එම ගස් කපා දැමිමක් නේද එම නිසා අපි සිතට ගත යුතුයි මේ රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මේ සොභාධර්මය ආරක්ෂා කිරිමට පැලයක් සිටුවලා එම පැලය ආරක්ෂා කර ගැනිමට කටයුතු කිරිමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts