අද බොහෝ දේශපාලන රැස්විම්වල සෙඛ්‍ය නිති හෝ නිරෝධන නිති නිසි ලෙස ක්‍රියාත්මක විමක් සිදුවන්නේ නැහැ එම තත්වයන් මත කොරෝනා අවදානම නැවත ඉහල යමින් පවතින බවයි මේ වන විට පෙනි යන්නේ මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුනොත් එයින් විශාල හානියක් සිදු වෙන්න පුලුවන්.

ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ කළමණාකාර සමන් සෙනවිරත්න මහතා මේ බව පසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු රැස්විම අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු සමන් සෙනවිරත්න මහතා සෞඛ්‍ය බලධාරින් මෙම සෞඛ්‍ය උපදෙස් මේ වන තෙක් නිති ගතකරලා නැහැ එම තත්වයන් මත සෞඛ්‍ය උපදෙස්වලට පිටු පැවා කියා නඩු පවරන්නත් බැහැ එමෙන්ම අද ඉහල සිට පහල දක්වා සමහර දේශපාලකයන් රටට ආදර්ශයක් දෙන්නෙත් නැහැ.

අද මිනිසුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් දේශපාලයන් ලගට පොර කකා යනවා ලෝක සෞඛ්‍ය අංශ පවා අනතුරු හගවා තියෙනවා කෙරෝනා දෙවන රැල්ලක් ගැන එම තත්වයන් මත මේ වන විට කොරෝනා අසාදිතයන් පිරිසක් හදුනා ගෙන තියෙනවා තවත් හැංගුන අය ඉන්නත් පුලුවන්.

මැතිවරණයේ උනුසුම් කාලය තමයි ඉදිරියට එන්නේ එම තත්වයන් මත සිවිල් සංවිධානයක් ලෙස අපි ඉල්ලා සිටින්නේ මෙම කොරෝනා වසංගතයෙන් බෙරිම සදහා සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන උපදෙස් නිසි ලෙස පිලිපදින්න කියලායි.

අද මුඛ ආවරණ පැලදිම අඩු වෙලා සමාජ දුරස්ථබාවය අඩුවෙලා එම තත්වයන් මත මේ කොරෝනා අවදානම තවත් ඉහල ගියොත් එය අප රටේ විශාල ව්‍යසනයකට හේතු වෙන්න පුලුවන් එම නිසා දේශපාලන රැලි වලදි හැකිතාක් දුරට සමාජ දුරස්ථබාවය රැක ගනිමින් කටයුතු කිරිම සිවිල් සමාජයේ සියලුම දෙනාගේ වගකිමක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories