law

බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දි ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ Tele Presence 4k HD video නම් තාක්ෂනයයි.

අධිකරණ අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාරය තුලට ඇතුල් කර ගන්නා සැකකරුවන් විශේෂ ස්ථාන 4 ක රඳවා නිරෝධායනය කිරිමෙන් පසු අදාල රැඳවුම් ස්ථාන වලට යොමු කරන බවයි.

එමෙන්ම කෙටි කාලින සැකකරුවන්, රිමාන්ඞ් දින දීර්ඝ කර ගැනිමට සිටින සැකකරුවන් දිනකට අධිකරණ වෙත 400 ක් පමණ ඉදිරිපත් කරන බව පවසයි. රටේ පවතින තත්ත්වය මත පහුගිය කාලය පුරා එම නඩු ස්කයිප් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළද එහි දසුන් අපහැදිලි වීම මත මෙම නව තාක්ෂණ ක්‍රමයට ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය හා සම්බන්ධ වු බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම නව ක්‍රමය වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරය හා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මාළිගාකන්ද අධිකරණය එක්ව ක්‍රියාත්මක කිරිමට නියමිතය. පසුව නියමු ව්‍යාපෘතියක් ලෙස කොලඹ දිස්ත්‍රික්කය පුරා අධිකරණ වල මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

එහිදි මෙම ක්‍රමය සුදුසු යැයි තිරණය වුවහොත් මෙය අධිකරණ සේවා කොමිෂන් සභාව හා නීති අංශය එක්ව ඉදිරියේදි දිවයිනේම ක්‍රියාත්මක කෙරෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා

More Stories