නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යාම එම හෙද විදුහලේදි පවත්වන ලදි.

මෙම කාණ්ඩය යටතේ තරුණියන් 20 දෙනකු මාස 06ක කාලයක් හෙද විදුහල තුලද මාස තුනක කාලයක් රෝහල්වල ප්‍රායෝගික පුහුණුවක් ලැබු බව එම හෙද විදුහලේ අධ්‍යක්ෂිකා එස්. සුබෝධනි මහත්මිය පැවසිය.

මෙසේ පුහුණුව ලැබු එම හෙදියන් සදහා කොළඹ මහනුවර ප්‍රදේශවල පුද්ගලික රෝහල් හතක සේවය සදහා පත්විම් ලබා දිමට පියවර ගත් බව එස්. සුබෝදනි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මෙම අවස්ථාවට වැඩම කල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් පවසන ලද්දේ හැටන් වැනි ප්‍රදේශයක මෙවැනි හෙද පුහුණු පාසල් පැවැත්විම මෙම ප්‍රදේශයේ තරුණියන්ට කරනු ලබන විශාල සේවාවක් බවත්ය.

මෙහිදි විසිර යන හෙදියන් සදහා හිස් වැසුම් පැලදවිම හා පුහුණුව නිම කිරිම නිමිති කර ගෙන සහතික පත් ප්‍රධානයක්ද සිදු කල අතර මෙම විසිර යාම එම හෙද විදුහලේ 26වන කාණ්ඩායම විසින් සංවිධානය කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories