පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
එකී අත්අඩංගුවට ගැනීමට හේතුව මේ වන තෙක් එළිදරව් කර නොමැති බව දන්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ට දැනගන්නට ලැබී ඇති පරිදි මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ නීතිඥ හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය තත්වය යටතේ සහභගී වූ කටයුතු බවයි.
එමෙන්ම මෙහිදී නීතිඥ සංගමය දන්වා සිටින්නේ සංගමයක් ලෙස විමර්ශනයන්ට බාධා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
එහිදී නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නීතිඥ හිස්බුල්ලාගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වන ලෙසත්, මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව නීතිඥ සංගමය දැනුවත් කරන ලෙසත්ය.
සම්පූර්ණ නිවේදනය පහතින්